Windows 10 සමඟ එන Ubuntu Enable කරගන්නේ මෙහෙමයි

Windows 10 සමඟ එන Ubuntu Enable කරගන්නේ මෙහෙමයි

8370
2
SHARE

ඉතින් මේදවස්වල ගොඩක් අයගේ අලුත්ම trend එකතමයි Windows 10 Anniversary Update  එක. ඉතින් මම හිතනවා මේ ලිපිය කියවන ඔයත් Windows 10 Anniversary Update එක ඔයාලගේ පරිගණකයට Install කරගෙන ඇතිකියලා. මේ Anniversary Update එකත් එක්ක විශාල features ගනනාවක්ම Microsoft සමාඟමෙන් නිකුත් කරා ඉතින් මේ features ගැන අපි ඉදිරියේදී කතාකරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ features අතරේ තියන සුවීශේෂී feature එකක් තම්යි මේ Ubuntu මෙහෙයුම් පද්ධතිය ලබාදෙන එක. දැන් ඔයාලා බලනවා ඇති කොහොමද Windows 10 එක්ක  Ubuntu එන්නේ කියලා. ඇත්තෙන්ම කියනවානම් Ubuntu Operating System එක Windows 10 වල උප පද්ධතියක් විදියට තමයි  මෙහිදී ක්‍රියාකරන්නේ.

ඔයාට ඇත්තෙන්ම මේ විදියට ලැබෙන්නේ Ubuntu වල තියන BASH කියන Shell එකයි. ඒ සාමාන්‍යයෙන් Ubuntu වල එන Terminal එක තමා මේ ආකාරයට ඔයාලට භාවිතාකරන්න ලැබෙන්නේ.ඉතින් මේ BASH Shell එක ඇත්තෙන්ම ගොඩක් ම වැදගත්වෙන්නේ Developersලට Programs නිර්මාණ කරන්න. ඊට අමතරව Remote SSH කරන්නත් මේ BASH Shell  එක පාවිච්චි කරන්න පුලුවන්.

ඉතින් අපි Windows 10 Anniversary Update එක Install කරගත්තට පස්සේ මේ ලිපියේ කියන පියවරයන් අනුගමනකරලා ඔයාට පුලුවන් BASH Shell එක Activate කරගන්න.

STEP 1

ඔක්කෝටම කලින් Windows 10 වල Developer Mode එක Enable කරගන්න ඔනි.ඒ සඳහා Settings වෙත ගොස් Update and Security සෙක්ෂන් එකට යන්න දැන් මෙතනින් පහල screenshot එකේ පේන විදියට වම්පැත්තේ තියන For Developers කියන ටැබ් එකට ගිහින්  Developer Mode කියන Option එක සිලෙක්ට් කරලා Developer Mode එක Enable කරගන්න. දැන් සමහර විට ඔයාගෙන් අහයි PC එක Restart කරන්න කියලා.ඉතින් මේ කරපු Change එක Apply වෙන්න ඔයා අනිවාර්යයෙන්ම PC එක restart කරන්න ඔනී.

Bash-1

STEP 2 

ඔයාගේ PC එක restart කරලා ඉවර වෙලා දැන් ඔයාගේ පරිගණකයේ Control Pane එක Open කරගන්න. ඒකට ඔයාට පුලුවන් Start මෙනු එකේ Control Panel කියලා Search කරලා open කරගන්න.

ඊලගට Control Panel එකේ Programs & Features කියන Option එකට යන්න. දැන් මෙතනින් මේ වම්පැත්තේ තියන panel එකේ Turn Windows Features on or off  කියන Option එක open කරගන්න.

Bash-2

STEP 3

දැන් ඔයාට එන List එකේ මේ පහල තියනවා වගෙ ලොකු ලිස්ට් එකක් ඇති  ඒ ලිස්ට්  එකේ අන්තිම හරියට වෙන්න Subsystem for Linux (beta) කියලා option එකක් තියනවා. දැන් ඒ  Subsystem for Linux (beta) කියන Option එකට Tick එකක් දාලා OK Button එක Click කරන්න. දැන් මේ පියවරෙන් පස්සෙත් ඔයාගේන් අහයි PC එක restart කරන්න. දැන් ඔයාගේ PC එකට restart එකක් දෙන්න.

Bash-3

STEP 4

Ubuntu Bash එක පාවිච්චි කරන්න තව පොඩි වැඩ කීපයක් තියනව ඒටිකත් කරල ඉමු. දැන් Command Prompt එක Open කරගන්න ඒකට ඔයාට පුලුවන් එක්කෝ Start එකේ Command Prompt කියලා Type කරලා Command Prompt එක Open කරගන්න. නැත්නම් Run ගිහින් CMD කියලා type කරලා open කරගන්න.
දැන් CMD එකේ bash කියලා type කරලා ENTER යතුර ඔබන්න. ඊට පස්සේ ඔයාගෙන් අහයි Continue කරන්න “y” type කරන්න කියලා. දැන් y අකුර type කරලා ENTER යතුර ඔබන්න.

Bash-4

දැන් මිනිත්තු කීපයපයක් ඉවසන් ඉන්න වෙනවා Linux Subsystem එක Windows Store එකෙන් download වෙනකන්.

Bash-5

STEP 5

විනාඩී කීපයක් ගිහින් Linux Subsystem එක Download වුනාට පස්සේ ඔයාගන් අහයි Username එකක් ලබාදෙන්න කියලා, ඉතින් ඔයා කැමති Username බාදෙන්න. දැන් ENTER කරන්න ඊපසේ Password එක ලබාදීලා ENTER කරන්න. මේකෙදි දෙන Username එකයි Password එකයි හොදින් මතක තියාගන්න.
Bash-6

හොදයි දැන් ඉතින් setup කරන වැඩ ටික ඉවරයි. දැන් ඔයා Start Menu එකට ගිහින් හොදින් බැලුවොත් ඔයාට පේන්න තියේවි Bash on Ubuntu on Windows  කියලා App එකක්. ඉතින් මේ තියෙන්නේ Ubuntu BASH Shell එක.
Bash-7

ඔයාට පුලුවන් දැන් සාමාන්‍යයෙන් Linux BASH Shell එකක පාවිච්චි කරන සියලුම Commands පාහේ පාවිච්චිකරන්න.

Bash-8

ඉතින් ඔයා Developer කෙනෙක් නම් දැන් Ubuntu Dual Boot දාන්න වෙහෙසෙන්න ඔනිනෑ . අපි ඉදිරියේදී මේ Ubuntu BASH Shell එක පාවිච්චිකරලා කරන්න පුලුවන් වැඩ ගැන එහෙම කතාකරන බලාපොරොත්තුවෙනවා. අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න.

Comments

comments