Shortcut virus එක තිබෙන pen එකකින් files recover කරන විදිය.

Shortcut virus එක තිබෙන pen එකකින් files recover කරන විදිය.

2867
1
SHARE

අද අපි කතා කරන්න යන්නේ pen drive එකකට shortcut virus එක affect වුනාට පස්සේ ඒකෙ තියෙන data, files සහ ඔයාගේ අනිත් documents ඔක්කොම ඉතාමත් ඉක්මනින් copy කරගන්න පුළුවන් විදියක් ගැනයි. මේ Shortcut virus එක pen එකේ files ඔක්කොම වෙනම folder එකකට copy කරලා එක hide කරන නිසා, shortcut එක හරහා ඒ files open කරන්න පුළුවන් වුනාට අපේ files copy කිරීමට අවස්තාවක් හම්බවෙන්නේ නැහැ.

මම හිතනවා මේ article එක කියවන බොහොමයක් දෙනාට මේ පිලිබදව අත්දැකීමක් ඇති කියලා. මොකද පහුගිය දවස්වල මේ virus එක බොහෝ දෙනාගේ computer වල තිබුනා.

හරි අපි දැන් බලමු මේක කරගන්නේ කොහොමද කියලා.

මේ තියෙන්නේ virus එක affect වුන pen එකක්.omal_perera_shortcut_virus_0

 

  1. පහල screenshot එකේ තියෙනවා වගේ window එකේ උඩම තියෙන ribbon menu එකේ ‘View’ tab එකට යන්න. ඒ tab එකේ කෙලවරේම තියෙන ‘Option’ button එක double click කර folder option window එක ලබා ගන්න.omal_perera_shortcut_virus_1
  2. Folder Option window එකේ ‘View’ tab එකට යන්න. දැන්
    1. Hidden files and folders කියන option එක show කරන්න.
    2. Hide protected operating system files (Recommended) කියන option එක්ක untick කරන්න.
      • දැන් Apply කරලා OK කරන්න.omal_perera_shortcut_virus_2
  1. දැන් අයෙත් pen drive එකට ගිහින් බලන්න නමක් නැති hide වෙලා තියෙන folder එකක් ඔයාට බලාගන්න පුළුවන් වෙයි.omal_perera_shortcut_virus_3

 

දැන් ඒ folder එක ඇතුලට ගිහින් බලන්න. ඔයාගේ ඔක්කොම files ඒ folder එක ඇතුලේ තියේවි.omal_perera_shortcut_virus_4

NOTE : ඔයාගේ files සියල්ල copy කර ගත්තට පස්සේ පළමු සහ දෙවන පියවරට නැවතත් ගිහින් තිබුන විදියටම

  1. Hidden files and folders කියන option එක Don’t show කරන්න.
  2. Hide protected operating system files (Recommended) කියන option එක්ක tick කරලා OK කරන්න.

ඉහත පියවර කරගෙන යාමේදී හෝ මේ පිළිබද ඔබට වෙනත් ප්‍රශ්න ඇත්නම් comment එකක් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න. නැතිනම් WindowsGeek help desk එකට ගොස් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY