හරි… අද අපි බලන්න යන්නේ USB / Removable disk වලට, ඒ කියන්නේ flash drives, pen drives වලට කොහොමද මේ Write protection enable/disable කරගන්නේ කියලා. සමහරවිට ඔයගොල්ලොන්ට මේ write protection කියන එක අහල පුරුදුත් ඇති. මොකද සමහර virus වලිනුත් මේ විදියට අපේ machine එකට write protection add කරනවා. එතකොට වෙන්නේ ඉතින් අපිට අපේ computer එකෙන් කිසිම data එකක් pen drives වලට… external hard වලට copy කරගන්න බැරිවෙන එක තමයි.
ඒත් අද අපි ඒ feature එක අපිට වාසියක් වෙන විදියට use කරන්නයි හදන්නේ. මේ විදිය ඇත්තටම standard ක්‍රමයක් නෙවෙයි. නමුත් අපිට සමහර හිතන්නේ නැති වෙලාවට වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් බලමු මේක කරන විදිය. අපිට ක්‍රම දෙකකට මේ setting එක වෙනස් කරගන්න පුළුවන්.
Method I – Windows Registry එක edit කරලා
NOTE : මේ විදියට කරන එක පටන් ගන්න කලින් කියන්න ඕන දෙයක් තමයි, Windows Registry එක edit කිරීම තරමක් අවධානමක් සහිත වැඩක්. ඔයාට Windows environment එක හරියට හුරු නැති නිසා මේ පියවර නිවැරදි විදියට නොකෙරුනොත් එහෙම සැහෙන්න ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා තම තමන්ගේ අවධානම තමන් භාර අරගෙන මේ විදිය කරලා බලමු. එහෙම නැත්නම් දෙවැනි විදිය try කරලා බලන්න පුළුවන්.
- මුලින්ම Windows key + R press කරලා Run open කරගන්න
- Run එකේ regedit කියල type කරලා OK කරන්න
- දැන් open වුන Registry Editor එකේ පහල තියෙනවා වගේ Control folder එක හොයාගන්න.
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
- දැන් Control (folder) එක උඩ Right-click click කරලා, select New -> Key
- අපි අලුතෙන් add කරපු key එක StorageDevicePolicies කියල rename කරන්න
- දැන් StorageDevicePolicies key එක right click කරලා New -> DWORD (32-bit) value
- DWORD value එක දැන් WriteProtection කියල name කරන්න
- දැන් DWORD Value එක උඩ double-click කරලා value data එක 0 ඉඳල 1 ට මාරු කරන්න
- දැන් හරි!!! OK press කරන්න.
දැන් ඔයා pen එක plug කරලා file එකක් copy කරන්න try කරන්න. ඔයාට files copy කරන්න දෙන්නේ නැති වෙන්න dialog box එකක් එයි.
අයෙමත් Write enable disable කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ පියවර 8 වගේ value data එක 1 ඉඳල 0 ට මාරු කරන එක විතරයි.
Method 2 – Local Group Policy වලින්
මේ විධිය නම් එච්චර අමාරු නැහැ. Radio button එකක් change කරලා අපිට setting එක වෙනස් කරගන්න පුළුවන්. එහෙනම්,
- මුලින්ම Windows key + R press කරලා Run open කරගන්න
- Run එකේ gpedit.msc කියල type කරලා OK කරන්න.
- දැන් ඔයාට ඔයාගේ PC එකේ Local Group Policy Editor එක open වෙයි. ඊට පස්සේ පහල තියෙනවා වගේ Removable Storage Access folder එක හොයාගන්න ඕන.
Computer Configuration > Administrative Templates > System > Removable Storage Access
- දැන් දකුණු පැත්තේ තියෙන pane එකෙන් Removable Disk: Deny Write Access file එක හොයාගන්න ඕන.
- Removable Disk: Deny Write Access file එක double click කරහම එන window එකේ enable option එක select කරන්න
- අවසාන පියවර විදියට Apply කරලා OK කරන්න.
ආයෙත් වරක් තිබු තත්වයට ගන්න ඕන නම් පියවර අංක 5 වෙනකන් ඇවිත් Not configured / Disable හරි choose කරලා Apply > Ok කරන්න.
ඉතින් ඔය විදියට තමයි write Protection settings හදා ගන්නනේ. එහෙනම් අයෙමත් තවත් article එකකින් හමුවෙමු!.