Intel කට්ටියගේ අලුත්ම 6 core processors හා උපාංග ගැන දැනගන්න

Intel කට්ටියගේ අලුත්ම 6 core processors හා උපාංග ගැන දැනගන්න

2334
0
SHARE

මේ කතා සේරම පටන් ගත්තේ Intel 2017දී Core X desktop applications හදුන්වාදීමත් එක්ක. මේ එක්කම Intel පවුලට එකතු වුණා i9 Processor එක. මේ Core X පරම්පරාව වැඩියෙන්ම වැදගත්ම වෙන්නේ Gamersලට සහ Content Creatorsලට. සිතන්න ඔබ අලුතෙන්ම ආපු Game එක සෙල්ලම් කරන්න ගිහින් game එකේ slow වීම නිසා resolution අඩු කරලා සෙල්ලම් කරපු කෙනෙක්ද? සෑහෙන්න ලොකු Application 3ක් open කරලා වැඩ කරද්දී youtube එකෙන් tutorial එකක් බල බල ඉද්දි ආපු Skype call එක answer කරගන්න ගිහින් තමන්ගේ පරිගණකය stuck කරගත්ත කෙනෙක්ද ? මේ Core X platform එක ආවේ ඔබ වෙනුවෙන්.

2017දී මේ processors ආවේ Desktop පරිගණක වලට. නමුත් මේ වසර වෙද්දී Intel සමත් වෙනවා i9 processor එක අඩංගු Laptop පරිගණක නිකුත් කරන්න. Intel විසින්ම පවසනවා ඔවුන් මෙතෙක් කාලයකට නිපදවන ලැබූ හොදම පරිගණකය තමයි මේ කියන කරුණ. Intel Core i9-8950HK තමයි මේ ලයිස්තුවේ පළවෙනියා. Cores 6කින් හා Thread 12කින් සමන්විතයි. Processor Frequency එක 2.90 GHz ක් වෙනවා සාමාන්‍යයෙන්. Turbo Boost පාවිච්චි කරලා 4.8 GHz වෙනකන් වේගවත් කරන්න පුළුවන් මේක. මේ Processor එක ගැන වැඩි විස්තර මේ ලින්කුවෙන් ගන්න පුළුවන්.

ඔබේ දැනුම කොහොමද 8 වැනි පරම්පරාවේ පරිගණක ගැන? 8th Gen Computers, first wave හා second wave දෙකක් තිබුණා. මේකෙන් first wave එකේදී මේක හැදින්වුවේ Ruby Lake R Chips කියන නමින්. මේක 7th Gen එකම තමයි. Coffee Lake කියන්නේ මේ 8th Gen එක.

අපි කලින් කිවුවා වගේම මේ i 9 Processor එක ආව එක හේතුවක් තමයි Gaming. දැන් මම පැහැදිලි කරන්න යන්නේ හොදම Gaming Laptops කිහිපයක් ගැන අද කෙනෙක්ට වටිනවා.

ACER NITRO 5


15.6-inch Full HD IPS display එක, Nvidia GeForce GTX 1050 Ti graphics card එක, 32GB RAM එක, 512GB of NVMe PCIe storage එක ඔබව ඔබේම ලෝකයේ අතරමං කරන බවට මම වග කියනවා. HDMI හා Type C ports වලින් සමන්විත මේ Nitro 5 මැයි මාසයේ නිකුත් වුණා පමණක් නෙවෙයි, $749 ක් වගේ මුදලකට මෙය මිලට ගන්නත් ඔබට පුළුවන්.

GIGABYTE AERO 15 / 15X

1080p 15.6-inch Display එකක්, 144Hz refresh rate එකක්, Nvidia’s GTX 1060 හෝ GTX 1070 තිබෙන laptop එකක් සොයන කෙනෙක් නම් ඔබට ඕනේ කරන පරිගණකය මෙය විය හැකියි. මේ පරිගණක දෙකේම තිබෙන්නේ i 7 වර්ගයේ processors. 32GB of RAM එක, Thunderbolt 3 USB-C port එක, HDMI 2.0 port එක වගේම සාමාන්‍ය USB ports මෙය තවත් වර්ණවත් කළා.

15.6-inch 1080p display coupled with Nvidia’s GeForce GTX 1060 Max-P graphics card සහ 8th generation Core i7 processor එක ඔබව අමන්දානන්දයට පත් කරාවි. 16GB of RAM එකක් හා 1TB of NVMe PCIe storage එක මේ කථාවේ ලොකු වැදගත්කමක් උසුලන්නේ නැති උනත් මේ දේවල් එහි වටිනාකම අඩු කරන්නේ නැහැ. 2018 සැප්තැම්බර් අවසානය වෙනකොට මේ laptop එකෙත් මිල නිකුත් වීමට නියමිතයි.

ලෝකයේ එන අලුත් තාක්ෂණයත් එක්කම හැම දෙයක්ම හැම තත්පරයකම යාවත්කාලින වෙනවා. Laptop එකකට තාක්ෂණය සාමාන්‍ය දෙයක් වුනත් මේක ගැන ඔබේ දැනුවත්භාවය සැහෙන්න වැදගත්.

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/circuitbreaker/2018/4/3/17192022/intel-6-core-processor-gaming-laptops-list

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY