Intel, Virus Guards එක්ක අලුත් වැඩක් අරඹයි

Intel, Virus Guards එක්ක අලුත් වැඩක් අරඹයි

1886
0
SHARE

Intel විසින් පරිගණක වල තිබෙන කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව අලුත් වැඩක් පටන් අරන් තිබෙනවා. Intel අදහස් කරනවා,virus scanners සියල්ලටම තමන්ගේ integrated graphics chipsets භාවිතා කිරීමට ඉඩ ලබාදෙන්න සහ මෙමගින් පරිගණක වලට පැමිණෙන්න පුළුවන් malicious attacks නවත්වන්න පුළුවන් වේවි කියලා. මේ වෙනස නිසා පරිගණක වල battery life එක වගේම computer performance එක සමහර systems වල වර්ධනය වේවි.

“With Accelerated Memory Scanning, the scanning is handled by Intel’s integrated graphics processor, enabling more scanning, while reducing the impact on performance and power consumption,” මේ විදිහට ප්‍රකාශ කලේ Intel platform එකේ security division VP විදිහට කටයුතු කරන Rick Echevarria විසින්.

Intel වල Threat Detection Technology එක Intel Generation 6,7 හා 8 වලට ළඟදීම පැමිණේවි කියලා බලාපොරොත්තු වෙනවා වගේම CPU වෙනුවට GPU වලට මේ virus scanning activity එක මාරු වුන එකේ වාසියත් ලබාගන්න පුළුවන් වේවි. අද වෙනකොට virus scanners සියල්ලම වගේ තමන්ගේ සියලුම activities වලට පාවිච්චි කරන්නේ CPU එක. මේකේ අවාසිය හිමි වෙන්නේ PC එක පාවිච්චි කරන ඔබට. මොකද මේකට වැය වෙන්නේ ඔබේ RAM එක නිසා.

මේ අලුත් ව්‍යාපෘතියට Intel කණ්ඩායම අලුතෙන් එකතු වෙලා තියෙන්නේ Microsoft එක්ක. ඒ Windows Defender Advanced Threat Protection එක්ක මේකට සහය ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතන නිසා. Intel වැඩ කරන්න හිතාගෙන ඉන්නේ Microsoft එක්ක විතරක් නෙමෙයි. තවත් ලෝකයේ සිටින virus scanners vendorsලා ගණනාවක් එක්ක ඔවුන් කතා කරනවා මේක තව ඉස්සරහට අරන් යන විදිහ සම්බන්ධව.

ඔබට මතකනම් Intel පසුගිය 2018 වසර පුරාවටම විවිධ වර්ග වල cyber attacks වලට මුහුණ දුන්නා. Intel CEO පවසන්නේ “Our goal is to offer not only the best performance, but also the best secure performance.” විදිහට. 2018 වසරේදී Intel’s Spectre/Meltdown patch එක පැමිණුනා. මේක ඉදිරියේ Intel කොච්චර අසරණ වුනාද කිව්වොත් ඔවුන් ප්‍රකාශ කලේ මේ paches ignore කරලා සාමාන්‍ය විදිහට වැඩ කරන  ලෙස. ඒ වගේම ඔව්න් අලුත් හොඳ update එකක් තමන්ට ලැබෙනකන් update කර නොගන්න ලෙස ඉල්ලා සිටියා. මේකෙදි උනේ එක පාරටම බලාපොරොත්තු නොවුන විදිහේ reboot වීම් වලට පරිගණකයට මුහුණ දෙන්න සිදු වුන එක. තමන් සතු වුන ප්‍රබලම වර්ග වල processors වලට මේ වුන හානිය intel කිර්ති නාමයට එල්ල වුනු මාරු පහරක් වුණා. කෙසේ නමුත් එවැන්නක් ආයේ නොවෙන්නට ඔවුන් මේ වෙද්දී පියවර අරගෙන ඉවරයි.

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/2018/4/16/17244996/intel-virus-scanning-integrated-gpus-memory

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY