අපිත් එක්ක පෙබරවාරි 8 Windows Developer Day එකට එකතු වෙන්න.

අපිත් එක්ක පෙබරවාරි 8 Windows Developer Day එකට එකතු වෙන්න.

902
0
SHARE

පසුගිය වසරේ Microsoft සමාඟමේ Surface ඉවෙන්ට් එකේදී Windows 10 Creators Update එක ගැන හෙලිදරවු කරා ඔබට මතක ඇති. පෙබරවාරි 8, Windows 10 Creators Update එකත් එක්ක අලුතින් developersලට ලැබෙන දේවල් එක්ක සජීවිව Windows Developer Day නරඹන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ Web නිර්මාණකරුවෙක් ද, UWP(Universal Windows Platform) developer කෙනෙක් ද, නැත්තං අලුත් consumer app නිර්මාණකරුවෙක් හෝ business tools නිර්මාණකරුවෙක් ද? මොන කෙනෙක් උනත් මේ update එකේ ඔබට මොනයම් හෝ දෙයක් තිබේවි.
Kevin Gallo ඇතුළු Windows ඉංජිනේරු කණ්ඩායම එක්ක Windows 10 API සහ tools මගින් අලුත් නිර්මානකරණයන්ට ලැබෙන නව පහසුකම් ගැන දැනගන්න පුළුවන්.මේ ඒ ගැන ටිකක්,

  • අලුතින් එන Windows Developer Tooling පහසුකම්-UWP tooling, BASH, Developer mode සහ තවත් දෑ.
  • අලුත්ම XAML නව්‍යතා ඉගෙන ගැනීමට සහ වඩාත් පලදායි ලෙස windows apps නිර්මාණයට UWP උපකරී කරගන්න ආකාරය.
  • මෑතකදී ප්‍රකාශ කරපු Cortana හැකියාවන් සහ Windows mixed reality headset නිර්මානකරණයන් පිටුපස ඇති රසමුසු කතා.
  • මේ event එක අවසන් වෙන්නෙ ඕනෑම කෙනෙක්ට ප්‍රශ්න ඇසීමට පුළුවන් සජීවී ප්‍රශ්නාවලි වටයක් සමගින්.

Windows Developer Day සාර්ථකව ලොව පුරා බෙදාගන්න නාලිකා 9ක් සමග අත්වැල් බැඳගෙන තියෙනවා.ඒ විතරක් නෙවෙයි,ලොවපුරා ඇති Windows Developer MVP සමාජ සමග එක්ව සජීවීව මේ අවස්ථාව බෙදාගන්නත් මේ වෙද්දී කටයුතු සිදුවෙනවා.

ඔයා මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නේද? එහෙනන් Windows Developer Day වෙබ් පිටුවේ ඇති RSVP එක bookmark කරගන්න අමතක කරන්න එපා.මේකෙන් ඔයාට වැඩි විස්තර ඉදිරි සති වලදී දැනගන්න පුළුවන්.

Source: Windows Blog

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY