Laptop එකක් hot bag syndrome වලින් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි.

Laptop එකක් hot bag syndrome වලින් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි.

2878
0
SHARE

laptop පරිගණක භාවිතා කරන අපි හැමෝම වගේ නිතර මුහුණ දෙන ගැටළුවක් තමයි sleep වෙන්න දාල තිබුණු laptop එකක් bag එකේදීම wake up වෙන එක. එහෙම වුනාම bag එක heat වෙනවා වගේම තමයි laptop එකේ battery එකත් low වෙනවා.

අද අපි ඔබව දැනුවත් කරන්න යන්නෙ කොහොමද මේ තත්වය වළක්වා ගන්නෙ කියන එක ගැනයි.

මේ තත්ත්වය හඳුන්වන්නේ නම් hot bag syndrome කියල. sleeping laptop එකක් bag එකට දාලා නැවත වරක් ඒක එළියට ගනිද්දී දකින්න ලැබෙනවා අතර මැදදි laptop එක on වෙලා battery එක බින්දුවටම බැහැලා කියලා. ඒ විතරක් නෙමෙයි ඔයාගෙ bag එකත් හොදටම රත් වෙලා. මෙහෙම වුණාම ඒක ඔයාගෙ laptop එකට අහිතකර විදිහට බලපානවා.

ඔයාට windows 10 pc එකක් නම් තියෙන්නෙ මේ තත්ත්වය වළක්වා ගන්න ඔයාට කරන්න තියෙන්නේ system behavior එක වෙනස් කරන එකයි. ඒ කියන්නේ laptop එකේ lid එක close කළාම system එක sleep වෙනුවට hibernate වෙන විදිහට settings සකස් කරන එකයි. එතකොට laptop එකේ system state එක hibernation file එකකට save වෙනවා. hibernating system එකක් ඔයා laptop එක open කරන තුරුම පවතිනවා. නමුත් නැවතත් laptopඑක භාවිතයට ගනිද්දි system එකට hibernation file එක load කරන්න වුවමනා නිසා sleep කරලා resume කරනවාට වඩා ටික කාලයක් නම් ගත වෙනවා. හැබැයි ඔයාගෙ laptop එක SSD තියෙන අලුත් laptop එකක් නම් ඒ වෙනස වෙන්නේ තත්පර 10ක් වගේ සුළු කාලයක්.

ඔයාගෙ laptop එකෙත් මේ feature එක add වුවමනා නම් control panel එක open කරලා power options වලට ගිහින් what closing the lid does කියන එක select කරන්න. දැන් ඔයාට කරන්න තියෙන්නෙ sleep වෙනුවට hibernate, select කරල changes save කරන එක.


දැන් ඉතින් ඊලග පාර ඔයා laptop එකෙ lid එක close කළාම ඔයා නොදැනුවත්වම ඔයාගෙ laptop එක on වෙන එකෙන් වළකියි.

source : ZDNet

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY