Lenovo ThinkCentre X1, Windows 10 පරිගණකය නිකුත් වේ

Lenovo ThinkCentre X1, Windows 10 පරිගණකය නිකුත් වේ

2862
1
SHARE

ලෝක ප්‍රකට Lenovo සමාගම, පසුගිය දිනකදී Windows 10 ඇතුලත් නවතම පරිගණකයක් හඳුන්වාදෙන ලදී. එය නම් කොට ඇත්තේ ThinkCentre X1 ලෙසිනි. එය Lenovo සමාගම විසින් හඳුන්වාදෙන ලද්දේ ලෝකයේ සිහින්ම desktop පරිගණකය ලෙසයි. Windows 10 දිවෙන all-in-one වර්ගයේ පරිගණකයක් වන මෙහි 11mm තරම් වූ සිහින්, CNC-milled ඇලුමිනියම් ලෝහයෙන් නිමවන ලද රාමුවකින් සමන්විත වේ. ඔවුන් පවසන අන්දමට, එම ලෝහය ප්ලාස්ටික් වලට වඩා පස් ගුණයකින් සවිමත් බවයි.

lenovo-thinkcentre-x1-02_story

එය “innovative anti-glare” තාක්ෂණයෙන් නිමැවූ අඟල් 23.8ක තිරයකින් සමන්විත අතර නවතම sixth-generation Intel Core i-series processor වලින් බලගැන්වේ.

ThnikCentre X1 පරිගණකය ව්‍යාපාරික පන්තියේ පරිගණකයක් වන අතර එහි ඇති විශේෂාංග ව්‍යාපාරිකයන් අතර වඩා ප්‍රසිද්ධ වනු ඇත. එහි ඇතුලත් වෙබ් කැමරාව, ව්‍යාපරිකයන් සඳහා වන Skype වෙතින් සහතික කොට ඇති අතර අඩංගු dual-array microphone එක noise-cancelling තාක්ෂණයෙන් සමන්විතයි. තවද එහි ඇති manual camera lock එක හේතුවෙන් දුරින් හිඳ කැමරාව ක්‍රියාත්මක කිරීමට නොහැකිවේ.

Lenovo සමාගමට අනුව මෙම පරිගණකය, කාර්යාලයකදී වසර 10ක පමණ වන දූවිල්ලකට හා අපවිත්‍ර පරිසරයන්හිදී දැඩිව පරික්ෂාවට ලක් කර ඇත. ඒ එවන් සාධක desktop පරිගණකයන්හි දෝෂ ඇතිවීම සඳහා පොදුවේ හේතුකාරක වන බැවිනි.

ThinkCentre X1 පරිගණකය මේ වසරේ මාර්තු මාසයේදී අලෙවිය ආරම්භ කරන අතර ඇ.ඩොලර් 1029යේ සිට ඉහල මිලකට අලෙවි වනු ඇත.

Comments

comments