Lenovo එක්ක වැඩ අරඹන Windows AutoPilot

Lenovo එක්ක වැඩ අරඹන Windows AutoPilot

1724
0
SHARE

ඔබ දන්නවා fall creators update එක Windows පරිගණක වලට සැහෙන හොද වෙනස්කම් කරපු update එකක්. මේ ගැන අපි ඕනේ තරම් articles ලියලා තිබෙනවා Windowsgeek එකේ. Microsoft launch කළා, අළුත් suite එකක් cloud-based services වලටම. මේක තමයි මේ Windows Autopilot කියන නමින් හැඳින්වෙන්නේ! මේකෙන් පුළුවන් Windows 10 PCs සියල්ලගේම deployment හා management ඉතා පහසුවෙන් කරගන්න. තවත් විදිහකට කියනවනම් මේක තාක්ෂණයන් ගණනක එකතුවක්. මේ තාක්ෂණයන් පාවිච්චි කරලා අපිට පුළුවන් අලුත් devices, pre configure කරන්න වගේම ඒවා ඵලදායී ලෙස පාවිච්චි කරන්න. ඒ වගේම devices reset, re purpose හා recover කරන්න මේවා යොදාගන්න පුළුවන්.

මේ ගැන පැහැදිලි කරගන්න මේ වීඩියෝව නරඹන්න පුළුවන් ඔබට…

ඉතින් මොකක්ද මේකේ වාසිය? ඇත්තම කිවොත් අපි ඉස්සර Windows දාන්න කාපු කටු දැන් කන්න ඕනේ නැහැ. IT වෘත්තිකයන්ගේ රැකියාව පහසු කරන එක තමයි මේකේ මුලික අරමුණ. Device එක පාවිච්චි කරන කෙනාගේ පැත්තෙන් බොහොම අඩු පියවර ගණනකදී මේක කරගන්න පුළුවන්. IT employeeගේ පැත්තෙන් කලින් තරම් දේවල් ඕනේ වෙන්නේ නැහැ මේක active කරගන්න.

මේක active කරගන්න ඕනේ කෙනෙක්ට පුලුවන්ද? මගේ PC එකේ මොනවද තියෙන්න ඕනේ? කෙනෙක් මේක ගැන උනන්දු වෙනවනම් මේක ගැන විස්තර මේ ලින්කුවෙන් ගන්න පුළුවන්.

අපි කතා කරන්න ගියේ Lenovo එක්ක කොහොමද මේ Windows Autopilot සම්බන්ධ වුනේ කියන දේ. ඔබට මතකනම් අපි ලිපියක් ලියුවා Ignite 2017 conference ගැන. මෙහිදී Microsoft විසින් ප්‍රකාශ කරනු ලැබුවා, 2018 වසරේදී HP හා Lenovo අනිවාර්යයෙන්ම ඔවුන්ගේ AutoPilot ව්‍යාපෘතියට එකතු වෙන බව. 2018 වසර කෙමෙන් කෙමෙන් වියැකී යද්දී Lenovo මේ ව්‍යාපෘතිය ගැන තමාගේ blog අඩවියේ සටහනක් තැබුවා පසුගිය මාසයකදී. මේ තිබෙන්නේ ඒ සටහන.

මේ සටහනේ Lenovo දක්වනවා ඔවුන් ඒ වන විටත් ඒ ගැන පරීක්ෂණ පවත්වන බවත් ඒ සඳහා තෝරාගත්  early adopter customers කණ්ඩායමක් භාවිතා කරන බවත් ඔවුන් දක්වා තිබුණා. ඒ වගේම ඉදිරි මාස වලදී ඉක්මනින්ම ඔවුන්ගේ නිෂ්පාදන නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

අලුත්ම ප්‍රවෘත්තියේ හැටියට ඔවුන් මේ සියලුම surface devices, ඒ කියන්නේ

  • Surface Pro (Model 1796)
  • Surface Book 2
  • Surface Laptop
  • Surface Studio
  • Surface Go

කියන සියලුම devices වලට ජනවාරි මාසයේ සිට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Lenovo මේ විදිහට ප්‍රකාශ කරලා වැඩ කටයුතු කරගෙන ගියාට මේ වෙනකන්ම HP අයගෙන් කිසිම පණිවිඩයක් ලැබිල නැහැ. අපි හිතමු මේ අලුත්තාක්ෂණයන් තමන්ගේ පරිගණක වලට යොදාගන්න සියලු පරිගණක නිර්මාණය කරන ආයතන වලට ඉඩ ලැබේවා කියලා.

නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/lenovo-has-begun-testing-windows-autopilot-with-early-adopters

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY