Letsencrypt – IIS server මත SSL නොමිලේ

Letsencrypt – IIS server මත SSL නොමිලේ

2218
0
SHARE

මෙය World Wide Web servers අතර encrypted connections ඇති කිරීම අරමුණු කරගත් ව්යාපෘතියකි. Web server configuration, emails validate කිරීම සහ expired certificates සමග ගනුදෙනු කිරීමේදී වඩාත් පහසු ක්‍රමවේදය වනුයේ TLS encryption වේ. Linux web server මත HTTPS encryption සදහා අවශ්‍ය වන්නේ සරල commands 2ක් execute කිරීම පමනි. Certificates install කර ගැනීමට තත්පර 20 ත් 30 අතර කාලයක් ගත වනු ඇත.

මෙය අවසාන කිරීමේදී software package, official debian software repositories තුලට save වෙනු ඇත. මෙම ව්යාපෘතිය සතු මුලික අරමුණක් වනුයේ web වෙනුවෙන් encrypted connections, default ලබා ගැනීමයි.

මෙහිදී domain validated certificates පමනක් නිකුත් කරනු ඇත. නමුත් organization validation සහ Extended Validation certificates ලබා නොදෙනු ඇත. මෙලෙස විනිවිදභාවයකින් යුතුව ක්‍රියා කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වනුයේ විශ්වාසවන්තභාවය ආරක්ෂා කර ගැනීම සහ ප්‍රහාරයකදී එය කළමනාකරණය කරගෙන ආරක්ෂා වීමයි. මේ වෙනුවෙන් transparency reports නිතිපතා publish කරන අතරම ACME transactions ද සටහන් කරනවා.මේ සියලු දේ සදහා හැකි සැමවිටදීම open standards සහ free software භාවිතා කිරීමටත් ඔවුන් උනන්දු වෙනවා. non-wildcard Let’s encrypt certificates ලබා ගැනීමේ ඇති පහසුව නිසා ඒ වෙනුවෙන් සේවා සැපයීමට මොවුන් උනන්දු නොවෙයි. මේ නිසා wildcard certificates වල අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. 

ඉහත දැක්වූ certificates, windows Internet Information Services AKA IIS server තුල install කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.

  1. IIS ඔබගේ computer තුල install කරගන්න.
  2. මෙම GitHub repository එක ලබාගන්න. https://github.com/Lone-Coder/letsencrypt-win-simple

Installation process එකෙහි මෙතැන් පටන් සියලු විස්තර පහත video tutorial එක මගින් ලබා ගත හැකිය. 😀

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY