Lumia App කිහිපයක අවසානය

Lumia App කිහිපයක අවසානය

16254
1
SHARE

Microsoft සමාගම නිවේදනය කරන විදිහට 2015 ඔක්තෝම්බර් 30 දින ඉදන් මෙතුවක් කල් තිබුනු Windows Lumia app කිහිපයක් සදහා තවදුරටත් සේවය ලබාදීම අත්හිටුවන්නට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන තිබෙන්නේ ඉදිරියේදී නිකුත් වන Windows 10 phone හි Photo අත්දැකීම නියමාකාරයෙන් ලබාදීම සදහායි. මේ ක්‍රියාවලියේදී නැවත සේවය ලබා නොදෙන apps මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒවා නම්,

  • Lumia Storyteller
  • Lumia Beamer
  • Photobeamer
  • Lumia Refocus
  • Lumia Panorama
  • Video Uploader

ඒ අතරින් Storyteller, Beamer, Refocus සහ Photobeamer යන apps සදහා function තවදුරටත් online නොමැති අතර update කිරීමක්ද සිදු නොවනු ඇත.  තවද Storyteller හි ඔබ සකසන ලද Stories නරඹන්නට හැකි වුවද එවා online නරඹන්නට ඔක්තෝම්බර් 30 දින සිට අවස්ථාව නොලැබෙනු ඇත. එබැවින් Storyteller app එක හරහා ඔබ online Save කර ඇති Images , Videos ආදිය නැවත Download කර තබාගන්නා ලෙස Microsoft සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ සදහා ඔබගේ Storyteller app එක Open කර එහි Online Stories වෙත ගොස් එහි ඇති Images , Videos ආදිය View කර එතැනින් Download කරගන්න පුලුවන්.

තවද Lumia Panorama හා Video Uploader Online ක්‍රියාත්මක වුවද තවදුරටත් Update ලබා නොදෙනු ඇත.

මේ නැවැත්වීම සම්බන්දව Microsoft සමාගම හේතු කිහිපයක් දක්වලා තිබෙනවා.

ඔවුන්ගේ අරමුණ වෙන්නේ සියලුම Windows Device වල හොදින් ක්‍රියාත්මක වන අත්දැකීමක් ලබාදීමයි. ඒ අනූව ඔවුන් නිපදවනු ලබන Windows මූලික Windows 10 Photos සහ Camera  යන apps හොදින් නිර්මාණය කිරීම සදහා අවදානය යොමු කරන බවද නිවේදනය කර තිබුනා. තවද බොහොමයක් Lumia Features මෙම නවතම Apps සදහා ඔවුන් අතුලත් කර තිබෙනවා. එසේම ඔවුන් Windows Device  සදහා විශිෂ්ට Photos සහ camera අත්දැකීමක් ලබාදෙන බවද කියා තිබුනා.

වැදගත්ම කාරණාව වෙන්නෙ මේ වෙනකොටත් Store එකෙන් මේ සදහන් කරපු Apps සියල්ලම ඉවත් කරලයි තියෙන්නේ. නමුත් ඔයාලා මේ Apps දැනටමත් install කරලා තියෙනවා නම් පාවිච්චි කරන්නට ගැටලුවක් වෙන්නෙ නැ. එවගේම මේ Apps ඔයාල Widows 10 වලට Upgrade කරනකම් පාවිච්චි කරන්නත් පුලුවන්. නමුත් සමහර features ඔක්තෝම්බර් 30 න් පසුව ක්‍රියාත්මක නොවෙනු ඇති බව නම් කිව යුතුමයි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY