Doctors ලා වෙනුවට Car එකෙන් Medical Checkup

Doctors ලා වෙනුවට Car එකෙන් Medical Checkup

2928
0
SHARE

නව තාක්ෂණයත් සමග දියුණු වන ලෝකයේ ප්‍රධානම අරමුණ වෙන්නේ  සුවපහසු  සැපවත් ජිවිතයක් කීවොත් නිවැරදියි. ඉතින් මේ අරමුණට ලංවුන තවත් අලුත් සංකල්පයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
වැඩි කල් නොගිහින් ඔබට ඔබේ වෛද්‍යවරයා  හමුවීමට අවශ්‍ය වෙන එකක් නෑ කිවොත්?.
ඔව් . ඒ වෙනුවට ඔබට ඔබේ මෝටර් රථය තුල අසුන්ගෙන ඔබේ රෝග   විනිශ්චයන් සිදු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉදිරි වසර 5ත් 10ත් අතර කාලය සැබෑවටම මාර්ගයන් මත සුවිශේෂී තාක්ෂණික විප්ලවයක් සිදු වීමට නියමිතයි. එයින් එක් සංකල්පයක් වන මේ සඳහා ඔබගේ කායික තත්ත්වය නිරීක්ෂණය කල හැකි සංවේදක (sensors) භාවිතා කරනවා.
මීට අමතරව එකිනෙක සමග සන්නිවේදනය කරන වාහන , smart අධි අධීවේගී මාර්ග , යා යුතු මාර්ගය පෙන්නුම් කරන windscreen වැනි දේ  තාක්ෂණික  විප්ලවයේ තවත් කොටස් වෙනවා.
රියදුරු සෞඛ්‍ය අධීක්ෂණය (Driver Health Monitoring)

යම් ස්ථානයක් සිට තවත්  ස්ථානයකට ගමන් කරන අතරතුර ඔබේ සෞඛ්‍යය තත්ත්වය පරික්ෂා කිරීමට ඔබේ ආසනයට හැකි නම් එයින් ලැබෙන වාසි බොහොමයි , වෛද්‍යවරයා වෙනුවෙන් වැය වන කාලය හා මුදල් ඉතිරි වනවා සේම හදිසි තත්ත්වයන් නිසා සිදුවන මාර්ග අනතුරුද වලක්වා ගත හැකියි. බොහෝ ප්‍රධාන මෝටර් රථ  නිෂ්පාදකයන්  මේ වනවිට intelligent seats  සහ ජෛව සංවේදක පාදක උපකරණ (biosensor-based equipment) මගින් රියදුරුගේ  වැදගත් සිග්නල්ස් හඳුනාගැනීමේ කටයුතු වල නිරත වෙනවා. අසුනට සම්බන්ධ කරන ලද විද්‍යුත් හෘද සංවේදක, මගින්  හදවත නිරීක්ෂණය කරන අතර cockpit  කැමරාවලට අක්ෂි චලනය නිරීක්ෂණය කළ හැකිය.  ඒ වගේම රියදුරු නින්දට පත් වුනොත් වහාම ඔහුව අවදි කිරීමටත් මේ මෝටර් රථයට හැකියාව තිබෙනවා. තවත් විශේෂම දෙයක් තමයි රියදුරු හදිසි රෝගයකින් , හෘදයාබාධයකින් පෙලේ නම් වහාම හදිසි අනතුරු අංශයට සහ නෑදෑයන්ව දැනුවත් කිරීමේ හැකියාව ලැබෙනවා සහ මෝටර් රථය මගින් ස්වයං පාලන තාක්ෂනය මගින් රෝහලකට හෝ ආරක්‍ෂිත ස්ථානයකට රියදුරුව රැගෙන යාම සිදුවෙනවා . මෙය ඉතාමත් වැදගත් සහ බොහෝ ඵලදායි තාක්ෂණික විප්ලවයක් වෙනවා.

Ford මෝටර් රථ නිෂ්පාදකයින් cloud-based තාක්ෂණය මගින්  app සමග ඇලජිස් ,අසාත්මිකතා සහ දියවැඩියාව පරික්ෂා කිරීමේ පහසුකම සහ   අදාළ වාර්තා car එකේ dashboard එකෙහි නිරුපණය කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා.

මාර්ග අනතුරු වලට මුලික හේතු වන අවදානය ගිලිහීම , බීමත් ධාවනය සහ හදිසි රෝගී තත්ත්වයන් හඳුනාගෙන රියදුරුගේ පාලනයෙන් රථය නිදහස් කර ආරක්ෂිතව ස්වයංක්‍රිය ධාවනයක් සිදු කල හැකි නම් බොහෝ අනතුරු වලක්වා ගැනීමට හැකිවේවි.
Biometric “active wellness” seats මගින් ඔබේ energy level එක සහ ශ්වසන මට්ටම පරික්ෂා කිරීමෙන් ඔබ ආතතියෙන් සිටී නම් හෝ අපහසුතාවයකින් සිටී නම් සිරුර සැහැල්ලූ කරන massage එකක් ලබෙදෙන්නත් හැකියි. ඉතින් මෙවැනි පුළුල් තාක්ෂණික ඉදිරි දැක්මක් මගින් ලබාදෙන සුවිශේෂී පහසුකම් නිසා ඔබට ඔබේ මෝටර් රථයෙන් පිටවීමට නොසිතේවී.
මේ සියලු පහසුකම් සහිත මෝටර් රථයක් තවමත් නිපදවා නොමැති වුවත් එක් එක් පහසුකම වෙන වෙනම අත්විඳීමේ හැකියාව යම් තරමකින් හෝ තිබීම සතුටට කරුණක්. මෙවැනි සුපිරි මෝටර් රථයක් නුදුරු අනාගතයේදීම නිපදවෙන බවට විස්වාස කල හැකියි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY