ලොව බලවත්ම කතුන් අතරින් #3 Melinda Gates

ලොව බලවත්ම කතුන් අතරින් #3 Melinda Gates

2959
0
SHARE

Melinda French Gates යනු අමෙරිකාවේ ඉතා බලවත් ව්‍යාපාරික කාන්තාවකි. ඇය Microsoft සමාගමේ පුරෝගාමී බිල් ගේට්ස්ගේ ප්‍රිය බිරිඳයි. 1964 දී ටෙක්සාස් ප්‍රාන්තයේ ඩැලස් හී මෙලින්ඩා ඈන් ෆ්‍රෙන්ච් නමින් ඇය උපත ලබයි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ ඇයට වැඩිමහල් සොයුරියක් සහ බාල සොයුරන් දෙදෙනෙක් සිටිනවා. මෙලින්ඩාගේ පියා අභ්‍යවකාශ ඉංජිනේරුවරයෙකි. මව ගෘහණියකි. ඇය පාසල් ගියේ ශාන්ත මොනිකා කතෝලික පාසලටයි. පාසල් වියේදී ද කැපී පෙනෙන සිසුවියක් වූ මැය තම පන්තියේ ද දක්ෂතම සිසුවියයි. 1982 වර්ෂයේදී Ursuline Academy of Dallas හී Valedictorian වරිය වශයෙන් ඇය උපාධිය ලබනවා (එනම් අධ්‍යයන කටයුතු වලදී ඉහළම සාමාර්ථයක් ලබා ගත් ශිෂ්‍යාවට/ශිෂ්‍යයාට උපාධි ප්‍රදානෝත්ස්වයේදී ලැබෙන සම්මානයකි ). 1986 දී පරිගණක විද්‍යාවෙන් හා ආර්ථික විද්‍යාවෙන් උපාධි ලබන ඇය 1987 දී Duke හී Fuqua School of Business හී Master Of Business Administration (MBA) ලෙස තවද උපාධියකට හිමිකම් ලබයි. මැය Duke විශ්ව ව්ද්‍යාලයේ Kappa Alpha Theta කාන්තා සමාජයේ සහ Beta Rho සමාජයේ සාමාජිකාවක් ද වනවා.

සරසවි දිවියෙන් පසු ඇය ඇතුලු වන්නේ IBM සමාගමේ ආධුනිකයෙක් වශයෙන් සේවය කිරීමටයි. ඉන්පසු Microsoft සමාගමට සම්බන්ධ වී Publisher, Microsoft Bob, Encarta ඇතුලුව තවත් බොහෝ නිශ්පාදන සඳහා දායක වනවා. මේ අතර ඇයට බිල් ගේට්ස් මුණ ගැසෙයි. ඔහු වඩාත්ම ඇය කෙරෙහි ආකර්ෂණය වූයේ ඇයගේ ඇති ඍජු ස්වාධීන ස්වභාවයටයි. තම සමීපතමයන්ට පමණක් ආරධනා කරමින් එතරම් ප්‍රසිද්ධියට පත් නොකර 1994 දී හවායී හී ලනායී දූපතේ මොවුන් දෙදෙනා විවාපත් වෙයි. කොටින්ම ඇය පවුලේ සුභසිද්ධිය උදෙසා දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට Microsoft සමාගමෙන් ද සමු ගනියි. General Manager Of Information Products ඇය ඒ වන විට ලබා තිබූ අවසාන ධූරයයි. බිල් සහ මෙලින්ඩා යුවලට පිරිමි දරුවෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටින අතර Seattle හී Lake Washington වෙරළ තීරයේ ඉතා සුඛොපභෝගී නිවසක මොවුන් වාසය කරති.

Bill & Melinda Gates Foundation ලෙස 2000 වර්ෂයේදී ආරම්භ කල සුභසාධන සේවය සඳහා මේ වන විටත් ඔවුන් දෙදෙනා ඇ.ඩො. බිලියන 36කටත් අධික ප්‍රමානයක් යොදවා ඇත. මෙහි අරමුණ නම් සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමත්, දරිද්‍රතාවය අවම කිරීමත්, අමෙරිකාව පුරා අධ්‍යාපන අවස්ථා වැඩි කර තොරතුරු තාක්ෂණයට ප්‍රවේශ වීමේ මාර්ග වැඩි දියුණු කිරීමත් වේ. ලොව විශාලතම පුද්ගලික පදනම වන මෙය නොයෙකුත් රාජ්‍යයන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, UNICEF, අන්තර්ජාතික රොටරි සමාජය හා අත්වැල් බැඳගෙන කටයුතු කරයි. මෙම පදනම මගින් පුස්තකාල ඉදිකිරීම්, ශිෂ්‍යත්ව ලබා දීම්, පාසල් සඳහා ආධාර ලබා දීම්, නිවාස නොමැති අය සඳහා නිවාස ලබා දීම්, සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම් වැනි සමාජීය කටයුතු කරගෙන යයි (පසුගිය වසර තුල ඉන්දියාව පෝලියෝ රහිත රටක් බවට සහතික වුනා ). මෙය ලොව පුරා සහයෝගීතාවය වර්ධනය කිරීමටත් මහත් පිටුවහලක් වේ.

මේ වන විට ඇය ලබා ඇති සම්මාන වලින් කිහිපයක්,

2002- Greatest Public Service Benefiting the Disadvantaged

2005- Named as Persons of the Year alongside Bono

2006- Received the Spanish Prince of Asturias, Award for International Cooperation, Insignia of the Order of the Aztec Eagle

2009- Received honorary degrees from the University of Cambridge

2013- Awarded an honorary Doctor of Humane Letters by Duke University, Appointed an honorary Dame of the British Empire

2015, Received India’s third highest civilian honor Padma Bhushana
Age : 51
Date Of Birth : August 15, 1964
Residence : Medina, WA
Citizenship : United States
Marital Status : Married
Parents : Raymond Joseph French Jr.(Father) Elaine Agnes Amerland (Mother)
Children : 3 Jennifer Katharine Gates, Rory John Gates, Phoebe Adele Gates
Education : Bachelor of Arts / Science,
Duke University,
Master of Business Administration,
Fuqua School of Business

 

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY