Microsoft ආයතනයත් , Huawei වලට කෙනෙහිලිකම් කරයිද

Microsoft ආයතනයත් , Huawei වලට කෙනෙහිලිකම් කරයිද

2444
0
SHARE

දැනට tech ලෝකය උණුසුම් කරපු හොඳම පුවත වෙන්නේ Google සමාගම විසින් Huawei සමාගමට අදාලව Android Licence එක ඉවත් කිරීම. නමුත් Google හා Microsoft කියන්නේ කිසිම ආකාරයකින් එකම අරමුණක් සඳහා වැඩ කරන ආයතන දෙකක් නොවෙන නිසා Google විසින් කරපු මේ තහනම Microsoft සමාගමට අදාල වෙන්නේ නැහැ.

නමුත් මේ කතාවේ රසවත්ම කොටස ආරම්භ වෙන්නේ මෙතනින්. ඔබ දන්නවා Microsoft Store එකේ දැනට පවතින හොඳම Laptop එක එහෙමත් නැත්නම් The best all-around laptop right now විදිහට The Verge magazine එක නම් කරනු ලැබුවේ Huawei Matebook X Pro පරිගණකය. මේක මේ විදියට නම් කරන්න කරුණු කිහිපයක්ම හේතු වුණා.

අපි දන්නා විදිහට Huawei කියන්නේ laptop නිෂ්පාදනය කරන සමාගම් අතර ඉහල ඉන්න කෙනෙක් නෙමෙයි. අනිත් කාරණාව තමයි මේකට කලින් නිෂ්පාදනය වුනු පරිගණක වුනු Huawei Matebook D ඉඳන් Huawei Matebook 14 වගේ වෙනකන්ම පරිගණක පිළිබඳව ජනතාවට ලොකු ප්‍රසාදයක් තිබුනේ නැහැ. නමුත් Huawei Matebook X හා Huawei Matebook X Pro පරිගණක දෙකම හිතාගන්න බැරි ඉක්මනින් ජනතා ආකර්ෂණයට ලක්වුණා කිවොත් නිවැරදියි. Lovely, durable design එක, sounding වල තිබෙන පැහැදිලි බව, Comfortable, spacious keyboard එක සහ 1Kg වලට වඩා බොහොම පොඩ්ඩක් වැඩි වුනු බර නිසා ජනතාව මේකට කැමති වෙලා තිබෙන්නේ. කලින් Huawei laptop වල තිබ්බ ලොකුම අඩුපාඩුවක් තමයි Battery Life එක. කෙසේ වෙතත් මේ Huawei Matebook X Pro වලට එනකොට මේ ගැටලුව සැහෙන්න වගේ හරි ගිහින් තිබුනත් සාර්ථක battery ආයු කාලයකට තවමත් මෙයා හිමිකම් කියන්නේ නැහැ.

ඇමරිකාවේ තිබෙන පරිගණක වලින් හොඳම පරිගණකයක් විදියට විචාරකයන් Huawei Matebook X Pro නම් කරන්න කිසිම වරදක් නැහැ. Android Licence එක වගේම Huawei Windows Licence එකත් අහිමි කරගනිවිද කියන තැන සමාජය අවධානයෙන් තමයි පසු වෙන්නේ. මේ ගැන Microsoft සමාගම පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ.  හැබැයි ඔවුන් තමන්ගේ Windows Online Store එකෙන් Huawei Matebook X Pro ඉවත් කර තිබෙනවා. මේක එතරම් හොඳ ප්‍රවනතාවයක් නෙමෙයි. Microsoft retail stores වල තවමත් ඉතුරු Huawei Matebook X Pro laptops අලෙවි වෙනවා තොග අවසන් වෙන තුරු.

තවත් වසර කිහිපයකින් Android සහ Windows වෙනුවට තමන්ගේම OS එකක් හඳුන්වා දෙන්න Huawei අය බලාපොරොත්තු වුනත් මේ වගේ ප්‍රහාරයක් ඔවුන් කිසිම විදිහකට බලාපොරොත්තු වුනේ නැහැ. තවත් ZTE සමාගමක් බවට පත් නොවී තමන්ගේ OS එක නොබෝ දිනකින්ම නිකුත් කරගන්න ලැබෙන්න කියන එකයි Huawei Fan කෙනෙක් වුන මගේ ප්‍රාර්ථනාව.

නැවත හමුවෙමු …

Source : https://www.theverge.com/2019/5/21/18634240/microsoft-huawei-matebook-x-pro-laptop-store-windows-ban-no-comment

Featured Image: https://www.techradar.com/news/microsoft-refuses-to-deny-that-it-will-block-windows-10-updates-on-huawei-laptops

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY