Microsoft ආයතනය Office 365 වෙළඳපොළ තවත් පුළුල් කරයි.

Microsoft ආයතනය Office 365 වෙළඳපොළ තවත් පුළුල් කරයි.

2954
0
SHARE

පසුගිය දිනකදී Microsoft ආයතනය Office 365, තවත් නව වෙළඳපොළ 10කට නිකුත් කරනු ලැබුවා. මේ නිකුත් කිරීමත් සමඟ Office 365 දැන් රටවල් 150ක භාෂා 44කින් භාවිතා කිරිමේ ඉඩකඩ ලැබී තියෙනවා. Bhutan, Cambodia, Greenland, Guadeloupe, Laos, Maldives, Martinique, Mozambique, Myanmar සහ Vatican යන රටවල් මෙම Office 365 වෙළඳපොළට අලුතින්ම එකතු වෙලා තියෙනවා. මේ සමඟ Office 365හි උපයෝජ්‍යතාව තවත් පුළුල් වෙලා තියෙනවා.

office-new-markets-1

Microsoft ආයතනයේ විශ්ලේෂණ වලට අනුව ලොව පුරා 1.2 බිලියනයක පමණ පිරිසක් ඔවුන්ගේ පාසල්, කාර්යාල සහ පුද්ගලික කටයුතු සඳහා Office භාවිතා කරන බවට Microsoft ආයතනය නිවේදනය කර තිබෙනවා. ඔවුන් මෙම වෙළඳපොළ පුළුල් කිරීම මගින් Office 365 භාවිතා කරන්නන් තව තවත් ව්‍යාප්ත කරගැනීමට බලාපොරොත්තු වෙන බව සහ ඉදිරි වසරේදී තවත් නව වෙළඳපොළවල් 97කට Office 365 ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් නිවේදනය කරනු ලැබුවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY