Microsoft සමාගම Azure Stack Technical Preview නිකුත් කරයි

Microsoft සමාගම Azure Stack Technical Preview නිකුත් කරයි

2427
1
SHARE

පොදු cloud සේවාවකට හුවමාරු වීම සඳහා බොහෝ ව්‍යාපාර වෙත දිගු කාලයක් ගතවනු ඇත. නමුත් එයට පිළියමක් ලෙස Microsoft සමාගම විසින් ප්‍රථම වතාවට Microsoft Azure Stack සඳහා Technical Preview එකක් නිකුත් කර ඇත. එමගින් ව්‍යාපාර සතු on-premise සහ පොදු cloud සේවා මිශ්‍රණය පිළිබඳ ව්‍යාපාරික ගැටලු සඳහා උපකාර ලබාදෙයි.

Microsoft සමාගමේ වැඩි වශයෙන් ව්‍යාපාරය මත පදනම් වූ දෙමුහුන් cloud උපායමාර්ගය සඳහා, මධ්‍යම ගණයේ විසඳුම වන්නේ Azure Stackහි Technical Preview එකයි. Azure Stack මගින් සමාගම් වෙත, දත්ත මධ්‍යස්ථාන හා උපකරණ ප්‍රයෝජනයට ගනිමින් තම Azure සේවා ව්‍යාප්ත කිරීමට සහය ලබාදෙයි.

Technical Preview එක භාවිතා කිරීමට කැමැත්තක් දක්වන සමාගම් සඳහා unified application ආකෘතියක්, පොදු DevOps උපාංග සහ දැනට භාවිතා වන portal එකම ඇතුලත් සම්මත architecture එකක් බලාපොරොත්තු විය හැකිය. Microsoft සමාගම Technical Preview මාලාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒවා මගින් ක්‍රමයෙන් පාරිභෝගිකයන් සඳහා Azure Stackහි ප්‍රයෝජන ලබාගැනීමට උපකාර කිරීමට OS images ලෙස කරුණු හා සේවා එක් කිරීමට සහ Azure Resource Manager templates එක් කිරීමට සැලසුම් කරයි.

නව Technical Preview එක නිකුත් කිරීමත් සමග විවෘත මූලාශ්‍ර භාවිතා කරන සහකරුවන්, GitHub ගබඩාවේ ඇති සිය ගණනක් වූ Azure applications සහ උපාංග ප්‍රයෝජනයට ගනිමින් කලින්ම අනුගත වීමක් Microsoft සමගම වෙත පෙනීයයි. එමෙන්ම අවසානයේදී Azure Stack ද GitHub ගබඩාව වෙත එක් කිරීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙයි. එලෙස ප්‍රයෝජනයට ගන්නා සහකරුවන් අතර Canonical සමාගම, Ubuntu Linux images වැනි තහවුරු කල විවෘත මූලාශ්‍ර applications, Microsoft Azure Stack පරිසරය සමග interface කිරීම සඳහා ද සහය ලබාදෙයි.

Azure Stack සඳහා වන මෙම Technical Preview එක අද දින(2016/01/29) නිකුත්වන අතර, මේ පිළිබඳ තවත් තොරතුරු, Microosft Azureහි CTO හා කර්තෘ Mark Russinovichගේ සහ Microsoftහි enterprise cloud සඳහා වන chief architect Jeffery Snoverගේ සහභාගීත්වයෙන්, මෙම වසරේ පෙබරවාරි මස තුන්වන දින පැවැත්වෙන webcast එක මගින් ලබාගත හැකිවේ.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY