Microsoft සමාගම Bot Framework නිවේදනය කරයි

Microsoft සමාගම Bot Framework නිවේදනය කරයි

2175
0
SHARE

මේ දිනවල Microsoft වෙතින් අලුත් උණුසුම් පුවත් මැවෙමින් පවතිනවා.මීට ප්‍රධාන හෙතුව තමයි දස වෙනි වරට පැවැත්වෙන developer conference එක.’Build’ නමින් හඳුන්වන මේ Conference එක වෙනුවෙන්ම සකස් කරන ලද නව පිවිසුම් මෙන්ම Microsoft  විසින් දියත් කරණු ලබන අලුත් සැළසුම්,එලිදැක්වීම් මෙම Conference එක හරහා කරළියට පැමිනෙනවා. ‘Bot framework’ කියන්නේ ඒවගේ පැමිණි අලුත් මාතෘකාවක් තමයි.

අපේ සමහර යාළුවෝනම් මේ  පිළිබඳව දන්නවා ඇති. සරළව කිව්වොත් Bot එකක් කියන්නේ computer network එකක් හැසිරවීමේ වැඩසටහනක්. මේක එක්තරා විදියක Application එකක් වඩාත්ම සුදුසු  වචනේ platform එකක් කිව්වොත්.

 මේ කථාව ටිකක් වෙනස්;

 මෙහෙම පටන්ගමුකො, ඔයාලා හිතුවද Pizza order කරන වැඩේට Microsoft  අතගහයි කියලා. හ්හ්.. පොඩි හිනාවක් ගියා නේද?

 ඔව්, ඒකතාව ඇත්ත Pizza order වැඩේ විතරක් නෙවේ, ඒවගේ වැඩ කිහිපයකටම දැනටමත් ඔවුන් අතගහලා ඉවරයි.

Microsoft  ලගේ Bot freamework එකේ විශේෂතිවය තමයි,විශාල පරාසයක Vocabulary  එකක් සමඟ ගණුදෙනු කිරීමේ හැකියාව.

ඔයාට C# හරි Node.Js හරි Bot freamework එකකදී භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Domino’s එකෙන් Pizza order කරන අවස්ථාවක් හිතමු ඒක simple/order command එකක්. ඒත් Microsoft  Bot frame work එක අනුව “can you deliver 3 pepperoni pizza to mu crib” කියන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් “grab me a big pizza with pepperoni and dbl cheese” කියන්නත් පුළුවන්. කොහොම කිව්වත් වැඩේ මොකක්ද කියලා එයා තෙරුම් ගන්නවා. හැබැයි ඉතින් සිංහලෙන් නම් ඕක තෙරුම් කරවන්න ලේසි වෙන එකක් නෑ. මොකෝ ඉතින් ලංකාවේ එක එක පැත්තට එක එක විදියනේ. කොහොම වුනත් අපි ඒ අභියෝගය නුදුරු අනාගතයට භාර කරමු.

මේ සියළු කාරණා වලින් තෙරුම් යන තවත් දෙයක් තියෙනවා. ඒතමයි Microsoft විශාල පරාසයක වැඩකටයුතු රාශියකට අතගහලා තියෙන වග. දනටමත් Microsoft එක්ක සැළකියයුතු තරම් ආයතන ගනණක් අත්වැල් බැඳගෙනලු. මේවගේ අලුත්ම අලුත් පොපියන Pizza  වගේ Microsoft  විස්තර දැනගන්න Windows Geek සමඟම එකතු වෙලා ඉන්න. සුභ දවසක් !

Source : neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY