Surface hardware event එක ඔක්තෝම්බර් 26 පැවැත්වීමට Microsoft සමාගම සූදානම්

Surface hardware event එක ඔක්තෝම්බර් 26 පැවැත්වීමට Microsoft සමාගම සූදානම්

1847
1
SHARE

2016 ඔක්තෝම්බර් 26 වැනිදා නිව්යෝර්ක් නගරයේදී උත්සවයක් පැවැත්වීමට සූදානම් කර තිබෙන බව Microsoft සමාගම නිවේදනය කළා. මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වුන Microsoft සමාගමේ නවතම Surface all-in-one PC එක පිළිබඳව මෙහිදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබීමයි.

Microsoft Lumia සහ Microsoft Band වැනි වෙළඳ නාම නිෂ්පාදනය කිරීම Microsoft සමාගම විසින් සම්පුර්ණයෙන්ම වගේ අත් හිටුවලයි තියෙන්නේ. ඒ නිසා ඒ නිෂ්පාදන පිළිබඳව මේ උත්සවයේදී අහන්න ලැබෙන එකක් නැහැ. ඒ වගේම ඉදිරියේදී වෙළඳපොළට නිකුත් වීමට නියමිත Surface devices වන Pro 5, Book 2 සහ Surface Phone පිළිබඳවත් වැඩි අවධානයක් මෙහිදී යොමු වෙන එකක් නැහැ කියලයි කියන්නේ.

ගොඩක් දෙනෙක් මෙම උත්සවයේදී Microsoft සමාගමේ Surface Mouse සහ Surface Keyboard ගැන වැඩි විස්තර දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Microsoft සමාගම Surface Pro 4 සහ Surface Book කියන නිෂ්පාදන update කරන්න යනවා කියලත් විවිධ ආරංචි පැතිර යනවා. මේ හැම දෙයක්ම Microsoft සමාගම පවත්වන්නට යන මේ උත්සවයේදී තහවුරු කරගන්න පුළුවන් වෙයි කියලයි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඔක්තෝම්බර් 26 කියන දිනය Microsoft fans ලාට නම් හුරුපුරුදු දිනයක් බවට සැකයක් නැහැ. මොකද කියනවා නම් Surface Pro 4 සහ Surface Book යන නිෂ්පාදන දෙකම වෙළඳපොළට නිකුත් වුනේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් 26 වෙනිදා.

Microsoft සමාගම Surface hardware event එක සඳහා වෙනම web page එකක් සකස් කරලා තියෙනවා. ඒ page එකෙන් ඔයාලට event එක පැවැත්වෙන දිනය save කරගෙන ඔයාලගේ calendar එකට add කරගන්නත් පුළුවන්. මේ තියෙන link එකෙන් ඔයාලට ඒ web page එකට පිවිසෙන්න පුළුවන්.

source : neowin.net

Comments

comments

1 COMMENT

LEAVE A REPLY