Microsoft සමාගම ‘Mac to Surface Book’ නමින් වැඩසටහනක් හඳුන්වාදෙයි

Microsoft සමාගම ‘Mac to Surface Book’ නමින් වැඩසටහනක් හඳුන්වාදෙයි

2320
0
SHARE

මෙම මස මුලදී පැවති Windows 10 Devices event එකේදී Microsoft සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ Surface Book නම් laptop පරිගණකය, මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන උපාංගයකි. Microsoft සහ Apple සමාගම් දෙක අතර පවතින තියුණු තරඟකාරීත්වය නිසා Mac පාරිභෝගිකයන් හට තම ප්‍රථම laptop පරිගණකය වන Surface Book වෙත පහසුවෙන් මාරු වීමට, Microsoft සමාගම විසින් Mac to Surface Book නමින් වැඩසටහනක් නිර්මාණය කර ඇත.

Microsoft සමාගම පවසන අන්දමට, “පරිගණක සහ එහි ඇතුලත් මතකයන් අතිශය පෞද්ගලිකයි. එම මතක එක් platform 1ක සිට තවත් 1කට හුවමාරු කිරීම වෙහෙසකර සහ අලුත් software ඉගෙනගැනීම බිය උපදවන්නක් බව අපි දනිමු. අපිට අවශ්‍ය වන්නේ එම ක්‍රියාවලිය හැකිතාක් පහසු කිරීමටයි. ඔබ වර්තමාන Mac පාරිභෝගිකයෙක් නම් , Surface Book වෙත මාරුවීමට අදහස් කරන්නෙක් නම්, ඒ සඳහා උපකාර වීමට අපි මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලද්දෙමු.”

මෙමගින් Mac පරිගණකයක සිට තමන්ගේ files, contacts සහ වෙනත් දත්ත පහසුවෙන් නවතම Surface Book පරිගණකය වෙත හුවමාරු කිරීමට විවිධ guides නිර්මාණය කර ඇත. එහි පළමු පියවර ලෙස, user account සහ Windows Store ක්‍රියාකරන ආකාරය, Windows 10 user interface 1කේ විවිධ පැතිකඩයන්, Start menu 1ක හඳුන්වාදීම, trackpad 1කේ සහය දක්වන gestures සහ Surface Pen 1ක මගින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි ආකාරය, “Getting started with Windows 10 on Surface Book” වෙබ් පිටුවෙන් හඳුන්වාදී ඇත.

එමෙන්ම ඊලඟ guides වලින්, ප්‍රයෝජනවත් keyboard shortcuts පිළිබඳ දැනුවත් කිරීම, installed programs ලැයිස්තුව ඉදිරිපත් කිරීම, emails, contacts සහ calendar වෙත පිවිසීම වැනි මූලික එහෙත් අත්‍යවශ්‍ය දෑ පිළිබඳ දැනුවත් කිරීම සිදුකරයි. තවද Mac පාරිභෝගිකයන් වෙත, තමන්ගේ photo, music සහ music libraries, Surface Book වෙත හුවමාරු කිරීම සහ තමන්ගේ iTunes මිලදීගැනීම් වලට සිදුවන දේ පිළිබඳ පැහැදිලි කිරීම සිදුකරයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY