Microsoft සමාගම Azure Functions හදුන්වා දෙයි

Microsoft සමාගම Azure Functions හදුන්වා දෙයි

2548
0
SHARE

Windowsgeek අපි build 2016 conference එක පිලිබදව වගේම ඒකෙදි ඉදිරිපත් උන අලුත් දේ ගැනත් විස්තර ගෙන ආවා. මේ තවත් එවන් නව හදුන්වදීමක් ගැනයි. Conference එකේ දෙවන දවස වෙන්කර තිබුනේ Azure සම්බන්ධ දැනුම්දීම් කරන්නට.

මෙහිදී නවතම Azure Functions පහසුකමේ preview සංස්කරණය පිලිබදව නිවේදනය කෙරුනා. ඒ on-demand compute service ක් සමගින් කිසිදු පෙර මුදල් ගෙවීමකින් තොරව මෙය ලබාගත හැකි ලෙසටයි. මෙම Azure Functions හි සේවය ඔබ දන්නා Amazon Lambda හෝ Google සමාගමෙන් මෑතකදී නිකුත් කල Google Cloud Functions වලට සමානයි. මෙමගින් Azure පාරිභෝගිකයන් හට Azure events සමග වැඩකටයුතු කරන්නත් එවාට ප්‍රතිචාර දක්වන්නත් හැකියාව ලැබෙනවා.

on-demand සේවය නිසාවෙන්ම පාරිභෝගිකයන් හට මුදල් ගෙවීමට අවශ්‍ය වන්නේ code එක run කරන අවස්ථාවට පමණයි. කිසිදු පෙර ගෙවීමක් හෝ අවසාන කිරීමේ මුදලක් ගෙවීමට සිදු නොවන බවයි පැවසෙන්නේ. මෙය Amazon Lambda ට සමාන වන අතර පාරිභෝගිකයන් සදහා ආසන්නම මිලිතත්පරයට bill කිරීම සිදුවනු ඇති. Azure Functions මගින් Microsoft සමාගම automatic scaling, continuous integration, HTTP API for controlling events වැනි බොහෝ පහසුකම් සලසා දෙනවා. මෙම සේවාවේ වෙබ් අඩවියට මෙතනින් පිවිස වැඩි විස්තර ලබාගන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY