Windows 10 Creators Update එක 2017 දී

Windows 10 Creators Update එක 2017 දී

1458
0
SHARE

දැනට Windows 10 සඳහා ලබාදී ඇති අලුත්ම Update එක වන්නේ Windows 10 Anniversary Update ඒකයි. එය පසුගිය අගෝස්තු මාසයේදි Microsoft සමාඟම විසින් නිකුත් කරණු ලැබුවා. අද දින නිව්යෝර්ක් හි පැවති Surface Device වැඩසටහනෙහිදී Microsoft සමාඟම විසින් මීලගට නිකුත් කිරීමට නියමිත Windows 10 Update එක පිළිබඳ හෙලිදරවු කරණු ලැබුවා. මේ අනුව මෙම Update එකේ නම Creators Update ලෙස නම්කර ඇති අතර මෙම Update එක 2017 වසරේ මාර්තුමස නිකුත් කිරීමට නියමිත බව කියා සිටියා.

Creators Update එකෙහි ඇති සුවිශේෂී ලක්ෂණයනම් මෙම Update එක විශේෂයෙන්ම නිර්මාණකරුවන් (Creators) හට නිකුත් කිරීමයි.

මේ අනුව Creators Update එක සමඟ පහත සුවිශේෂාංග නිකුත් කරනු ඇති.

  • Augmented හා Virtual Reality ඇතුලු විශේෂ 3D තාක්ෂණික විශේෂාංග.
  • පරිගණක ක්‍රීඩා සඳහා 4K හා in-game broadcasting විශේෂාංග.
  • ඔබගේ යහලුවන්, නෑදෑයින්, පවුලේ අය දැනට වඩා සමීපකිරීමට විශේෂ තාක්ෂණික විශේෂාංග.

මෙම Update එකෙහි පෙර සැකසුම් දැනටමත් Windows Insiders ලා හට ලබාදී තිබෙන අතර මෙය Read Stone 2 යන Code නාමයෙන් දැනට නිකුත්වී තිබෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY