Microsoft Azure එක පෙළට – 2

Microsoft Azure එක පෙළට – 2

2100
0
SHARE

ඔබට මතක ඇති කලින් ලිපියේ අපි කතා කළා SPI ගැන. මේකේ models තුනක් තිබුණා. මේකේ Microsoft Azure වලින් සපයන සේවාවන් PaaS හා IaaS model වලටයි අයත් වෙන්නේ. මේකට හුඟක් programming languages සහ frameworks support කරනවා.

Azure එක්ක PaaS වලට ගියොත් ඔබට මතක් වේවි මේකෙදි ලැබෙන Services ලැබෙන්නේ platform එකක් විදිහට. ඒ කියන්නේ client කෙනෙක්ට පුළුවන් තමාගේ software create කරන්න develop කරන්න සහ deploy කරන්න platform එකක් විදිහට Azure පාවිච්චි කරලා. මේකේ ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා. client කෙනෙක්ට වැඩ කරන්න අවශ්‍ය වෙන තරමට ඔවුන්ගේ ඉල්ලුම පරිදි සම්පත් වෙන් කිරීමෙන් සහ servers automatically update වෙන්න සැලැස්වීමෙන් අපේ application එකට යන පිරිවැය නැත්නම් cost එක සැහෙන්න අඩු වෙනවා. Servers automatically update වීම නිසා සහ security issues නිතරම පරික්ෂා කිරීම නිසා cyber security පැත්තෙන් අඩු අවධානමක් තිබෙන්නේ. ඒ වගේම මේ automatically update වීම නිසා මුළු process එකම developerට බලන්නට බැහැ. මේ නිසා data breach එකක් වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. Azure කණ්ඩායම විසින් නිතරම developer tools වල අලුත් versions check කරන නිසා developersලට නිතරම අළුත් features පාවිච්චි කරන්න හම්බවෙන්න පුළුවන්. මේකේ වාසිය වෙන්නේ client කෙනෙක් ඉල්ලන steps වලට යන්න මේ අලුත් features පාවිච්චි කරන්න පුළුවන් වෙන එක.

Microsoft Azure වලට IaaS සම්බන්ධ වීම ගැන අපි කතා කරමු. මේක ඇත්තටම datacenters manage කරන්න usersල වෙතම පැවරෙන අවස්ථාවක් විදිහට දක්වන්න පුළුවන්. මේකේ වාසියක් තමයි organization එකට අවශ්‍ය විදිහට මේ virtual machine එක adjust කරන්න පුළුවන් වීම. IaaS වලදී සපයනවා කාර්යක්ෂම කාල රාමුවක්. මේක පාවිච්චි කරලා application එකක් ඉතාම පහසුවෙන් වගේම අඩු කාලයකදී rework කරන්න පුළුවන්. ඒ වගේම application dependencies, උදාහරණයක් කිවොත් database වගේ  දේවල් පවා azure වලට migrate කරන්න පුළුවන්. IaaS වලින් support එකක් ලැබෙනවා දත්ත ඉක්මනින් cloud වල හුවමාරු කරන්න. මේකේ තිබෙන ලොකුම වාසිය ලැබෙන්නේ වෙළඳ හිමියන්ට තමන්ගේ ගනුදෙනු කරුවන්ට ඉක්මන් සේවාවක් සපයන්න ඉඩ ලැබෙන එක. ඒ වගේම වෙළඳ හිමියන්ට අලුත් වෙළඳපොලක් වෙත යොමුවෙන වෙලාවක වුනත් මේක පහසුවක් වේවි.

මේකේ අවාසි අතර ප්‍රධානම එකක් වෙන්නේ ඔවුන්ට 100%කම manage කරන්න ලබාදෙන එක. මේක නිසා ඔවුන් යම් version එකක් මත depend වෙන්න තීරණය කරනවා update වීමකින් තොරව. මේක නිසා future version වලට මාරු වීමකට යන එක අපහසු වෙන්න පුළුවන්. මේකේදී පිරිවැය සැහෙන්න වියදම් වෙන්න පුළුවන්. software upgrade කිරීම, higher servers නඩත්තු කිරීම් වගේ දේවල් සැහෙන්න වියදම් සහගතයි. නිවැරදිව පිළියෙළ නොකෙරුණු server එකක් අනිවාර්යයෙන්ම අවධානමක් ඇති කරනවා අදාල organization එකට.ඒ වගේම මේ servers පුලුවන්නම් cloud-hosted IaaS VMs බවට පත් කරන්න අවධානම් සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ legacy apps deploy කරන්න බැහැ. ඒකට හේතුව වෙන්නේ මේකේ තිබෙන OS හා application stacks වල මේ application එක stuck වෙනවා.

ඉහත කියවුණු වාසි සහ අවාසි එක්ක Azure තමන් භාවිත කරන්නේ කුමන model එකෙන්ද කියන දේ user තමයි තීරණය කරන්න වෙන්නේ.

මීළඟ ලිපිය යොමුවෙන්නේ Azure Dashboard එකත් එක්ක…

නැවත හමුවෙමු…

Source: https://www.tutorialspoint.com/microsoft_azure/microsoft_azure_windows.htm

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY