Microsoft Azure එක පෙළට – 3 කොටස (Azure Freeද ?)

Microsoft Azure එක පෙළට – 3 කොටස (Azure Freeද ?)

3682
0
SHARE

ඔබ පළමු ලිපියේ සිටම කියවගෙන පැමිණි කෙනෙක්නම් ගැටළුවක් නැහැ. හැබැයි ඔබ කෙලින්ම පැමිණුනේ මේ ලිපියටනම් අපේ මුල් ලිපි කියවලා එන්න කියලා ආරාධනා කරන්න කැමතියි. පළමු ලිපිය හා දෙවෙනි ලිපිය මේ link වලින් ලබාගන්න පුළුවන්.

ලිපියෙන් කතා කෙරෙන්නේ Microsoft Azure Management Portal එක ගැන. තවත් සරල භාෂාවෙන් කීවොත් Azure Dashboard එක ගැන. ලොකු ලොකු දේවල් කරන්න දන්නේ නැතත් පැහැදිලිව, සරලව පැහැදිලි කරගෙන යන්නම් Azure ගැන. මුලින්ම Azure account එකක් හදන්න ඔබට Microsoft account එකක් තියෙන්න ඕනේ. එකට පස්සේ ඔබට මීට කලින් Azure account එකක් තිබිල නැත්නම් අලුත් account එකක් එහෙමත් නැත්නම් sign up වෙන්න මෙන්න මේ වෙබ් අඩවිය භාවිත කරන්න ඔබට පුළුවන්.

https://azure.microsoft.com/en-us/

මේ වෙබ් අඩවිය පහත පෙනෙන විදිහේ පෙනුමකින් යුක්තයි.

Azure home page
Azure home page

ඔබට දකින්න පුළුවන් දකුණු කෙලවරේ මගේ නම. ඒ කියන්නේ මම වෙබ් අඩවියට මගේ Microsoft account එකට log වෙලා ඉන්නේ. ඔබට පෙනෙනවද දෙවෙනි පේලියේ දකුණු කෙලවරේ Free Account කියන නමින් link එකක් තිබෙනවා. මේකෙන් පිවිසෙන ඔබට Azure account එකක් හදන්න සල්ලි දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.මේකෙන් පස්සේ ඔබව පිවිසෙන්නේ free account එක create කරන වෙබ් පිටුවට.

create your free account today
create your free account today

ඔබට පේනවා ඇති මාස 12ක කාලයකට මේක ඔබට free ලැබෙනවා. මේකත් එක්කම $200 ක credit හම්බෙනවා දින 30ක කාලයක් සඳහා  සහ services 25කට අධික ප්‍රමාණයක් සදහටම නොමිලේ භුක්ති විදින්න අවස්තාව හිමි වෙනවා.

හුඟක් වෙලාවට software platform එකක හෝ software එකක free trail version එකක් කියන්නේ බොහොම සීමා සහිත කාලයක් වගේම සිමා සහිත සම්පත් ගණනක් එක්ක නිකුත් වෙන්නේ. නමුත් මේක free account එකක් වුනත්, Azure Virtual machines භාවිතා කරලා disks සහ SQL databases manage කරන්න සහ ඒවගේ high availability එක සහ Load Balancer එක පාවිච්චි කරලා network performance එක පවත්වාගෙන යන්න හැකියාව තිබෙනවා. App Service, Azure Cosmos DB, Xamarin, HockeyApp, සහ Traffic Manager කියන Azure services පාවිච්චි කරලා Customer කෙනෙක්ගේ අවශ්‍යතාව සහ හැසිරීම පදනම් කරගෙන applications ගොඩනගන්න ඔබට පුළුවන්, ඒ වගේම Azure Machine Learning, Azure Databricks සහ HDInsight වගේ tools භාවිත කරලා application එකක දත්ත ගැන අවධානය යොමු කරලා තීරණ වලට එළඹෙන්න පුළුවන් පහසුවෙන්ම.

Azure Free Services

ඔබට අදහසක් තිබෙනවද මේ account එක එක්ක ලැබෙන free services මොනවද කියල? මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. මේකෙදි Linux Virtual machines වල පැය 750ක කාලයක්,  Windows Virtual Machines වල වැඩ කරන්න පැය 750ක කාලයක්, මේ virtual machines එක්ක වැඩ කරන්න managed disks 64GB * 2 ක ප්‍රමාණයක්, object storage එක තව විදිහකට කීවොත් blob storage එක 5GB ප්‍රමාණයක්, code එක change කරගන්නේ නැතුව file manage කරන්න file storage එක 5GB ප්‍රමාණයක්, දත්ත සියල්ලම ගබඩා කරගෙන පාවිච්චි කරන SQL database එකට 250GB ක ප්‍රමාණයක්, Globally distribute වුනු multi model database service එකක් වුනු Azure Cosmos DB වලට 5GB වෙන් වෙනවා. Inbound හා outbound bandwidth එක 15GB හම්බෙනවා data transfer කරන්න.

මම මේ ඔබට පැහැදිලි කලේ මාස 12ක කාලයකට ඔබට free හම්බෙන services ගැන. මීළඟ ලිපියන් කතා කරන්නම් azure account එකක් හදාගන්න කෙනෙක්ට නොමිලේ හැමදාටම ලැබෙන services මොනවද, නිතර ඇතිවෙන ප්‍රශ්න මොනවද සහ අපේ installation process එකේ ඉතිරි ටික යන්නේ කොහොමද කියන එක.

ලිපි මාලාව ගැන කොමෙන්ට් එකක් කොටගෙන යන්න එක දිගට ලියද්දිත් පොඩි motivation එකක් වටිනවනේ… 😉

නැවත හමුවෙමු…

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY