Microsoft Azure එක පෙළට – 5 කොටස

Microsoft Azure එක පෙළට – 5 කොටස

2909
0
SHARE

කලින් ලිපි කියවලා ඔබ මෙතනට ආවා කියලා මම හිතනවා. කලින් ලිපි මග ඇරුණු යම් කෙනෙක් ඉන්නවනම් මම මේකේ සඳහන් කරන්නම් ඒවාට අදාල තොරතුරු. මේ වෙද්දී Microsoft Azure එක පෙළට ලිපි මාලාවේ ලිපි 4ක් අරගෙන ඇවිත් තිබෙනවා. මේකෙන් පළමු ලිපිය , දෙවෙනි ලිපිය , තුන්වෙනි ලිපිය, සිව්වෙනි ලිපිය ඔබට මේ links වලින් ලබාගන්න පුළුවන්.

Azure Dashboard in first view
Azure Dashboard in first view

ඉහතින් තිබෙන්නේ මගේ Azure Dashboard එක. අලුතින්ම හදපු web apps හෝ කිසිම service එකක් පාවිච්චි නොකරපු අලුත් dashboard එකක් මේ විදිහටයි පෙනෙන්නේ. ඔබට දකින්න පුළුවන් ඉහලින්ම දකුණු කෙලවරේ ඔබේ profile එක දකින්න පුළුවන්. ඒකට පහලින් Azure Services දක්වා තිබෙනවා. See All මත click කලොත් ඔබට දකින්න පුළුවන් මේකට අදාල සියලුම services. මේකේ ඔබට බලන්න පුළුවන් මම කලින් ලිපිවල කියපු services දකින්න පුලුවන්ද කියන එක.

Services 100කට වැඩි වුනත් සාමාන්‍යයෙන් මේ services සියල්ලම අපි භාවිත කරන්නේ නැහැ. ඔබට දකින්න පුළුවන් favorites තීරුවේ තිබෙන්නේ නිතරම භාවිත වෙන services. ඔබට මතක ඇති ඔබ ගිණුම නිර්මාණය කරපු වෙලාවේදී ඔබ credit card details ලබාදෙන්න ඇති. ඒ වගේම ඔබ දන්නවා free services වලින් පිට service එකක් ඔබ ලබාගනිද්දී ඔබෙන් සල්ලි අය වෙනවා කියන එක. ඔබට පුළුවන් search bar එකෙන් free services keyword එක search කරන්න.

අපි හිතමු අපි create කරනවා කියලා single virtual machine එකක්. මේකෙන් කොහොමත් කෙනෙක් බලාපොරොත්තු වෙන තරම් resilience එකකට හෝ availability එකකට යන්න අමාරුයි මොකද මෙතන තියෙන්නේ එකක් නිසා. වැඩි VM ගණනක් තිබෙන එකේ වාසිය ඒකයි. Single VM එකක් කවදාවත් industry purpose එකකට recommend කරන්නේ නැහැ එකේ availability එකේ තියෙන මදි කම නිසා. අපි මේ වෙලාවට භාවිත කරන්නේ VM 2ක් හෝ ඊට වැඩි ගණනක් common power source එකක් හා network switch එකක් එක්ක. මේකට අපි සිංහලෙන් කියනවා availability set කියලා. (සිංහලෙන්?) මේ availability එක තවත් වැඩි කරන්න availability zone එක සහ paired region විදිහේ environment පවා නිර්මාණය වුණා. Availability zone එකකදී power source සහ network වෙන්නේ වෙනස් sources වලින්. මේ නිසා Azure Traffic Manager පාවිච්චි කරන්න වෙනවා Traffic එක ගානට පවත්වාගෙන යන්න. ඒ මම කතා කලේ Azure infrastructure එක ගැන.

Subscriptions කියන්නේ මොකක්ද?

කීප දෙනෙක්ම ඇහුවා subscription එකක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න කියන එක. සාමාන්‍ය Subscription එකකින් වෙන්නේ ඔබට ලැබෙන සේවාවකට ඔබෙන් ගානක් අයවෙන එක. Azure subscription එකක් කියන්නේ Microsoft cloud platform හෝ services පාවිච්චි කරන්න Microsoft එක්ක ඇතිකරගන්න ගිවිසුමක්. සාමාන්‍ය ආයතනයක් තමන්ගේ ආයතනයේ ව්‍යාපෘති වල environment එක මත subscriptions කිහිපයක් වුනත් පවත්වාගෙන යන්න හැකියාව පවතිනවා.

ඔබ අසා ඇති Azure Resource Manager ගැන. මේක තමයි Azure වල resources deploy කරන එක සහ manage කරන එක පාලනය කරන සම්බන්ධව තිබෙන සේවාව. ඔබට පුළුවන් මේ resources එකතු කරගන්න resource group නිර්මාණය කරගන්න. resource group එකක් කියන්නේ හරියටම container එකක් වගේ දෙයක්. ඔබට පුළුවන් මුළු solution එකටම අදාල වෙන resources එක group එකකට දාන්න වගේම ඔබ කැමැති resources, groups කිහිපයකට වුනත් add කරන්න පුළුවන්. Resource Providers කියන්නේ resource manager service එකට services provide කරන කෙනා. Resource Manager Template කියන්නේ Resource Manager වල තිබෙන තවත් විශේෂ සේවාවක් කියන්න පුළුවන්. මේ resource manager template කියන්නේ JS object එකක්. තව විදිහකට කිවොත් JSON file එකක්. සාමාන්‍යයෙන් මේ file එකේ අඩංගු වෙන්නේ resource infrastructure එක.

ඔබ දකින්න ඇති services වල තිබෙනවා compute section එක. මීළඟ ලිපිය හුඟක් දුරට ඒ ගැන කතා කරන්න යොමු වේවි.

නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY