Microsoft Azure එක පෙළට – 8 කොටස

Microsoft Azure එක පෙළට – 8 කොටස

1742
0
SHARE

එක දිගට ලිපි හතක් අරන් ආවට පස්සේ මේ අටවෙනි ලිපිය වෙන් වෙන්නේ Networking Services ගැන කතා කරන්න. මේ ලිපිය වෙන් වෙන්නේ Virtual Networks ගැන කතා කරන්න. මේකත් Azure එක්කම isolated වුනු network එකක් කියන්න පුළුවන්. ඔබට පුළුවන් මේ Virtual Networks හරහා ඔබේ VMs, VM Scale Sets වගේම App Service Environments host කරන්නත්. සාමාන්‍ය virtual network එකක් subnets ගණනාවක් එකතු වෙලා තමයි නිර්මාණය වෙන්නේ. VM එකකට පැහැදිලි user defined routes තිබෙනවා. Traffic එක එන්නේ කොහෙන්ද, කොහොමද ගලාගෙන යන්නේ වගේ දේවල් ගැන පැහැදිලි අවබෝධයක් මෙය සතු වෙනවා.

VNET Peering

ඔබ අහල තිබෙනවද VNET Peering ගැන. මේකෙන් කියන්නේ ඔබට පුළුවන් VNET කිහිපයක් peer කරලා එකතු කරන්න. මේක same region එකක් ඇතුලේ වෙන්නත් පුළුවන්. Global VNET එකකට වුනත් යන්න පුළුවන් regions අතරේ across වෙන විදිහට VNET නිර්මාණය කිරීමෙන්. AWS කට්ටියගේ තිබෙනවා VPC product එක. Virtual Private Cloud තමයි මේ VPC කියන්නේ.

Azure Load Balancer

මීළඟට කියන්න යන්නේ Azure Load Balancer ගැන. Networking Layers වලින් Layer 4 එකත් එක්ක තමයි මෙයා operate වෙන්නේ. VM එකක් පාවිච්චි කරන resources control කරන්න තමයි මෙයා හැදිලා තියෙන්නේ. අපිට පුළුවන් load balancer එක public එකක් පාවිච්චි කරන්නත් internal එකක් පාවිච්චි කරන්නත්. Public load balancer එක internet එක හරහා භාවිත කරන්නත් internal load balancer එකක් පාව්ච්චි කරන්න පුළුවන් VNET එකක් ඇතුලෙදි. අලුත්ම load balancer එක වෙන්නේ Standard Load Balancer එක. High Available Ports වගේ අපිට network කරගන්න පහසු වෙන්න තමයි මේක නිර්මාණය වෙන්නේ.  AWS කට්ටියගේ ELB, එහෙමත් නැත්නම් Elastic Low Balancer තමයි මේකට තියෙන හොඳම alternative එක.

Application Gateway

Application Gateway කියන්නෙත් මේ වගේම load balancer එකක්. මේකේ විශේෂත්වය වෙන්නේ මේක පාවිච්චි කරන්නේ Layer 7 වල load balancing කරන්න. මෙයා web traffic එකට පාවිච්චි කරන්නේ HTTP based Round Robin. SSL Offload සහ Cookie Based Session Affinity වගේ මෙයාටම අවේනික වුනු සමහර special features තියෙනවා. ඔබ දන්නවා ඇති web socket technology එක ගැන. Application Gateway එකකත් support කරනවා. මෙයා support කරනවා internal හා external load balancing කියන කොටස් දෙකටම.

VPN gateway

මීළඟට කියන්න යන්නේ VPN gateway ගැන. මේකෙදි වෙන්නේ cloud services වල VPN manage කරන්න මේක භාවිත වෙනවා. VPN වර්ග දෙකක් තිබෙනවා. S2S සහ P2S විදිහට. මේ Site to Site සහ Point to Site කියන ප්‍රධාන ක්‍රම දෙක. ඒ වගේම මේ gateway එක භාවිත කරලා encrypted connections නිර්මාණය කරන්න පුළුවන්. Azure ඉඳන් on premises වගේම Azure ඉඳන් තවත් Azure එකකට Multi-Region වලටත් මේ නිර්මාණය වීම සිද්ධ වෙනවා. එක VNET එකකට එක VPN Gateway එක ගනනේ පවතිනවා.

Azure DNS

Cloud කිවම අනිවාර්යෙන්ම ඇහෙන වචනයක් තමයි DNS එහෙමත් නැත්නම් Domain Name System කියන්නේ. මේකට තිබෙන Azure solution එක වෙන්නේ Azure DNS. අපේ DNS domains host කරන එක තමයි මෙයාගේ පලවෙනි රාජකාරිය. තියෙන එක ප්‍රශ්නයක් වෙන්නේ domain name purchase කරන්න බැහැ. ඔබේ වෙනම supplier කෙනෙක් ලවා ඒ requirements සම්පුර්ණ කරගන්නට සිදු වෙනවා. අලුතෙන්ම ආවා private domains, නමුත් මේක තවම තිබෙන්නේ preview මට්ටමේ. AWS R35 කියන්නේ මේ කර්තව්‍ය සඳහා වෙන්වුණු AWS product එක.

මේ අපි කතා කරපු දේවල් වගේම Traffic Manager, Content Delivery Network, Express Route වගේ වැදගත් products ගණනාවක් මේ සමඟ වැඩ කරනවා. යම් කෙනෙක් මේ ලිපියේ අඩුපාඩුවක් හරි තව විස්තර කෙරෙන්න දෙයක් තිබුනොත් comment එකක් දාන්න, මීළඟ ලිපිය ඔබට වෙන්වේවි.

අලුත් ලිපිය එන්නේ Azure Storage Services ගැන. නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY