Microsoft Azure Storage ගැන කතා කරමු – 1 පාඩම

Microsoft Azure Storage ගැන කතා කරමු – 1 පාඩම

1334
0
SHARE

Azure Storage එක ගැන කතා කරනවානම් Storage වර්ග කිහිපයක් තිබෙනවා. මේ අතරින් තමන්ට සියල්ලම අවශ්‍ය වෙන්නේ නැහැ එක application එකක් deploy කරන්න. නමුත් මේ හැම එකක් ගැනම පැහැදිලි අවබෝධයක් පවතින එක අනිවාර්යයි.

Azure Disk Storage

Azure විසින් කළමනාකරණය කරන Azure VM එහෙමත් නැත්නම් Azure Virtual Machines සඳහා භාවිත කරන්නේ disk storage එක. මේවා අපි භාවිත කරන physical disks වගේම වුනත් මේවා virtual එහෙමත් නැත්නම් අතත්‍ය ගණයට අයිති වෙන්නේ. මෙහිදී ඔබට කල යුතු වන්නේ Disk size එක, disk type එක සහ disk provision එක අදාල application එක සමඟ සසඳා ලබා දෙන එක විතරයි. Azure විසින් ඉතුරු කොටස නිවැරදිව හසුරවනු ලබනවා.

Disk වර්ග ගැන කතා කලොත් Ultra Disks, Premium SSD, Standard SSD ,Standard HDD විදිහට වර්ග කිහිපයක් පවතිනවා. ඔබට මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් මේ ලින්කුව ඇසුරෙන් විස්තර ලබාගන්න පුළුවන්.

ඔබ දන්නවා availability කියන සංකල්පය. අපි නිතරම 100%ක availability එකක් ගැන විශ්වාසය තබන්න අවශ්‍ය වුනත් එය ප්‍රයෝගික වන්නේ නැහැ. දැනටමත් ඔබේ VM run වෙන්නේ disk storage එකේ නිසා මෙහි availability එක 99.999% ක පවත්වාගන්න තමයි මේවා නිර්මාණය කරලා තිබෙන්නේ. disk storage එක මේ කටයුත්ත කරන්න ඔබේ දත්ත වල replica 3ක් පවත්වාගෙන යනවා. මේකෙන් දෙකක් down වුනත් එක replica එකක් වැඩ කරන නිසා මෙහි availability එක සම්බන්ධව ගැටළුවක් වෙන්නේ නැහැ.

ඒ වගේම තවත් එක වැදගත් වාසියක් තමයි Azure Backup service එක. දැනට Azure Backup disk size එක tebibyte (TiB) disks හතරක් දක්වා support කරනවා.

ඒ වගේම disk storage එකේ encryption පිලිබඳ කතා කලොත් ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ SSE සහ ADE. SSE එහෙමත් නැත්නම් Server Side Encryption එක සිද්ධ වෙන්නේ storage service එක හරහා.  අනෙක වෙන්නේ ADE,  Azure Disk Encryption එකෙන් ඔබේ VM වලට අවශ්‍ය OS සහ data disks සක්‍රිය කරගන්න පුළුවන්.

Azure Blob Storage

blob storage එක මුලිකවම පාවිච්චි කරන්නේ unstructured data සඳහා. documents, videos, pictures, සහ unstructured text හෝ  binary data මේකට අයිති වෙනවා. $0.00081/GB per month වගේ rate එකකට තමයි blob storage යන්නේ.  මේ ගැන වැඩිදුර විස්තර මේ ලින්කුවෙන් ගන්න පුළුවන්.

ඉතුරු කොටස් ටික මීළඟ ලිපියෙන් කතා කරමු.

Featured image source : https://jaydestro.org/2018/10/15/adding-storage-to-your-azure-vm/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY