ආධුනික ඔබ සඳහා Windows 10 Apps Develop කරනහැටි නවතම Video පෙළ

ආධුනික ඔබ සඳහා Windows 10 Apps Develop කරනහැටි නවතම Video පෙළ

2898
1
SHARE

ආධුනික ඔබ Windows 10 සඳහා Apps නිර්මාණය කරන්න කැමතිද? නමුත් ඔබ Windows 10 app නිර්මාණය කරන හැටි ගැන තවමත් දන්නේ නැත්ද? එසේනම් මේ Tutorial Video පෙළ ඔබවෙතටයි. Microsoft සමාඟමේ Developersලා සඳහා වන Channel 9 වෙබ් අඩවිය මඟින් Window 10 සඳහා apps develop කරන හැටි ගැන මුලසිටන් සරලව මේ Video පෙළ ඔත්සේ ගෙන එනුලබනවා. මෙහිදී UWP (Universal Windows Platform) සංකල්පයට අනුව apps develop කරන හැටි හා ඔබ develop කරන app එකක් Phone, Tablet එකේ සිට Surface Hub, Hololens, XBox එකක හෝ Raspberry PI එකක් තුල ඉතා පහසුවෙන් run කරන ආකාරය ගැන ප්‍රායෝගිකව මුල සිට සරලව Sample Codes සමඟ ඔබවෙත ඉදිරිපත් කරනුලබනවා.

සමාඟමේ beginner tutorial videos සඳහා ඉතා ප්‍රසිද්ධ Bob Tabor විසින් මේ පාඩම් මාළාව සකසා ඇති අතර මේ පාඩම් මාළාව කොටස් 80 කින් සමන්විත වේ. තවද මේ පාඩම් මාළාව අධ්‍යනය සඳහා ඔබ සතුව එක් සුදුසුකමක් තිබියයුතුමයි . ඒ ඔබ C# Programming  යම්තාක් දුරකට හෝ අධ්‍යනය කර තිබීමයි. ඔබ C# programming පිළිබඳව අධ්‍යනය කර නොමැතිනම් ඒ සඳහාද ඔබට වෙනම C# beginner video පෙළක් Channel 9 විසින් පළකර ඇත එයත් ආධුනිකයින් සඳහා විශේෂයෙන් පටිගතකරන ලද්දක්.

ආධුනික ඔබට C# programming අධ්‍යනය කිරීමට අවශ්‍යනම් මෙතනින් C# Fundamentals for Absolute Beginners යන Video tutorials පෙළ නරඹන්න.

Windows 10 apps නිර්මාණය කරන හැටි අධ්‍යනය කරන්න මෙතනින් Windows 10 development for absolute beginners video tutorials පෙළ නරඹන්න.

 

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY