Microsoft සමාගමේ Android App Emulator එක වෙත බාධා

Microsoft සමාගමේ Android App Emulator එක වෙත බාධා

2986
1
SHARE

මෙම වසර මුලදී පැවති Microsoft සමාගමේ BUILD 2015 event එකෙදී, අනෙකුත් තරඟකරුවන්ගේ apps සඳහාද emulators හරහා සහය දක්වන ඔවුන්ගේ නවතම Windows 10 Mobile platform එක පිළිබඳ හඳුන්වාදෙන ලදී. එමගින් වසර ගණනාවක් පුරා පැවති Android හා Windows අතර app gap එකට විසඳුමක් ලැබෙනු ඇතැයි Windows Phone භාවිත කරන්නන් අතර එය වඩාත් පැසසුමට ලක්විය. කෙසේ වෙතත් Project Astoria නමින් හඳුන්වන Android app emulator එක තාවකාලිකව නවතා ඇති බවට පුවතක් අප වෙත වාර්තා වේ.

Microsoft සමාගම දැක්වූ අදහස් අනුව ඔවුන් developersලා හට ඔවුන්ගේ apps, Windows වෙත ගෙන ඒමට ආකාර රැසක් ඉදිරිපත් කර ඇති අතර Web, iOS සහ ලඟදීම Win32 සඳහා bridges දැන් ලබාගත හැකිවේ. තවද Astoria bridge එක තවමත් සූදානම් නොමැති අතර, අනෙකුත් මෙවලම් මගින් developersලා හට ප්‍රයෝජන රැසක්ද ගත හැකි බවට එම සමාගම දන්වා සිටී.

Project Astoria පිළිබඳ Microsoft සමාගම නිල වශයෙන් වෙනත් කිසිදු ප්‍රතිචාර දක්වා නොමැති අතර නිර්නාමික මූලාශයන්ට අනුව එය සම්පූර්ණයෙන් නවතා දැමිය හැකි බවට වාර්තා වේ. ඒ සඳහා විශේෂයෙන් හේතු දක්වා නොමැති අතර පසුගිය ඔක්තෝබර් මස නිකුත් වූ build 10549න් ඒ සම්බන්ධ code set එක ඉවත්කිරීම කැපී පෙනෙයි. එසේ ඉවත් කිරීමට හේතුව වූයේ system-wide slowdownsය.

නමුත් අනෙකුත් app bridges ත්‍රිත්වය වන Westminister(web apps), Centennial(classic Win32) සහ Islanwood(iOS) නියමිත කාලයේදී නිකුත් වීමට නියමිතයි. ඒ අනුව iOS bridge වෙතින් විශාල apps ගණනාවක් එක්වන අතර Westministerහි web apps, mobile apps බවට පරිවර්තනය කිරීම විශ්මිතය. තවද Astoria හරහා Windows 10 Mobile වෙත ගෙනෙන ලද Android apps වල native apps වල ක්‍රියාත්මක Continnum වැනි සමහර සුවිශේෂ ගුණාංග අහිමිවනු ඇත.

Windows Central අනුග්‍රහයෙනි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY