Microsoft සමාගම DNA දත්ත ගබඩා කිරීමට සැරසෙයි

Microsoft සමාගම DNA දත්ත ගබඩා කිරීමට සැරසෙයි

2137
2
SHARE

Microsoft සමාගම මේ වන විට digital data ගබඩා කිරීමට අළුත් ක්‍රමයක් අත් හදා බලාගෙන යනවා. ඒකට කියන්නේ synthetic DNA කියලා. අප්‍රේල් 27 වනදා නිකුත් වුන නිවේදනයකින් කියවුනා සමාගම මිලියන 10කටත් අධික ප්‍රමාණයක් දිගු oligonucleotides(Twist Bioscience පදනම් වුන) San Francisco වලින් ඇණවුම් කළ බවට. මේ Twist එකකින් ඇත්තටම දත්ත ගෙනියන්නේ Hard Drive එකක වුනත් save කරගන්න පුළුවන් විදිහට binary වලින්. ඊට පස්සේ ඒක digital code එකකට හරවනවා.

1g of DNA=1 trillion GB

ඇත්තෙන්ම මේ synthetic DNA ක්‍රමය භෞතිකව දත්ත ගබඩා කරගැනීමට දිගු කාලින විකල්පයක්.තව අවුරුදු 4, 5කින් එහෙමත් නැත්නම් අවුරුදු 10කින් 20කින් පසුව භාවිතා කිරීමට හිතාගෙන අද ඔබ tape එකක ගබඩා කරන ඕනෑම දත්තයක් මෙහි ගබඩා කරන්න පුළුවන්. Tapes වල තියන ප්‍රශ්නය තමයි කාලෙන් කාලෙට ඒවා අළුත් කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා සිහිල් ස්ථානයක ගබඩා කරන්නත් වෙනවා. නමුත් මේ DNA ඉතා ප්‍රත්‍යස්ථයි. සිහිල් තැනක ගබඩා කරන්න ඕනේ කියනවනම් මුළුතැන්ගෙයි sink එක යට වුනත් ගබඩා කරන්න පුළුවන් විදිහට ඉතා කුඩා ඉඩකින් සෑහීමකට පත් වෙනවා.

ඇත්තෙන්ම අනාගතේ මේ තාක්ෂණය හැම තැනම භාවිතා වෙයි කියලා අපිට හිතන්න බැහැ. එක් තැනක DNA නිපදවලා cloud වගේ third party එකක ආරක්ෂාකාරී විදිහට ගබඩා කරගෙන ඕනේ කෙනෙක් මේ ක්‍රමය භාවිතා කරයි කියලා අපිට හිතන්න පුළුවන්.

Microsoft සමාගම මෙහි මූලික පරීක්ෂාවෙදී 100%ක්ම දත්ත silicon based DNA වලට හරවගත්තා. ඒ විතරක් නෙමෙයි දත්ත encrypt කිරීමටත් වග බලා ගන්න බව ඔවුන් පැවසුවා.

“අවසානයේදී ලොව පැරණිම DNA ලොව නවතම තාක්ෂණය වුනා.”

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY