Microsoft සමාගම ඩොලර් බිලියනයක Cloud Computing සේවාවන් පරිත්‍යාග කරයි

Microsoft සමාගම ඩොලර් බිලියනයක Cloud Computing සේවාවන් පරිත්‍යාග කරයි

2010
0
SHARE

Cloud Computing : IT field  එකේ ලොකු වැඩ දාන්න පුළුවන් විදියට උදව්වක් වෙන්න Microsoft  ආයතනය අලුත් වැඩක් දැනටමත් plan කරලා තියෙනවා. Free Cloud Computing සේවාවක් වන මෙහි විශේෂත්වය වන්නේ සමාජ සත්කාරක non profit project එකක් වීමයි. මේක එසේ මෙසේ එකක් නෙවේ, ඇමෙරිකානු ඩොලර් බිලියන එකක් තරම් විශාල project එකක්.ඔවුන් සැලසුම් කරලා තියෙන විදියට ලබන වසර තුන ඇතුලත මේ කටයුතු සිදුකිරීමට සැළසුම් කරල තියෙන්නේ.
දැනට පහසුකම් වලින් තරමක් පිටුපසින් තිබෙන areas/sections (cloud computing services to nonprofits, charities, and universities) සඳහා වැඩි අවධානයක්  ලබාදෙමින් වඩා පුළුල් වියාපෘතියක් ලෙස මේය දියත් කිරීමයි ඔවුන්ගේ සැලැස්ම.
මේ පිළිබඳව අදහස් දක්වමින් Microsoft ආයතනයේ CEO Satya Nadella කියාසිටියේ  “Microsoft Azure  වගේ public cloud platforms එකක් වන මෙම platform එක සඳහා මෙවන් possibilities අවම, අවස්ථාවක් නොලැබෙන පිරිස් වෙත සමාජ සත්කාරක project එකක් ලෙස මෙම අවස්ථාව ලබා දෙන බවයි.
තව දුරටත් මෙම Cloud Computing Project එකේ අරමුණ පැහැදිළි කලොත් ; Cloud Computing  කියන්නේ වර්තමානයේ IT සම්බඳව සැළකුවොත් තීරණාත්මක අංශයක් (most important transformations of our time) ,ඉතින් එහි යෙදවුම් සියළු පාර්ශව වෙත ගමන් කලයුතු නොවේද ? අනාගතයට සූදානම් වන අප ඒ පිළිබඳව සියළු දෙනා දැනුවත් බව තහවුරු විය යුතු නොවේද ?.සමාජයේ එක් කොටසක් පමණක්  data, intelligence, analytics සමගාමීව මෙම අලුත් තාක්ෂණය සමඟ ඉදිරියට යාමෙන් අපට අවශ්‍ය්ය ඉලක්ක සපුරා ගත හැකිද ?.”
ඇත්තටම Microsoft  ආයතනයේ මෙම තීරණය අනාගත IT ක්ෂේත්යේ දියුණුවට විශාල පිටුවහලක් වනු ඇති.මෙම Cloud Computing සේවාවට Microsoft Azure computing cloud සහ Office 365 cloud productivity suite එක ඇතුලත් වන අතර මෙමගින් ආයතන වල නැතහොත් දැනට මෙම IT යෙදවුම් භාවිතා කරමින් operations/process කරන සංවිධාන කටයුතු වඩාත් ක්‍රමවත් සුනම්ය ආකාරයෙන් හැසිරවිය හැකි අලුත් තලයක් නිර්මාණය වනු නොඅනුමානයි. ඒක එයාලගේ වචනවලින් කියනවනම් “newly-formed Microsoft Philanthropies branch’.
ආයතනයේ තවත් සභාපතිවරයෙකු මෙන්ම Chief Legal Officer වන Brad Smith පවසන අන්දමට පළමු වසර ඇතුළත රාජ්‍ය නොවන ආයතන/non-governmental organizations (NGOs) 70,000 ක් සඳහා ඩොලර් මිලියන 350 කට ආසන්න donating services එකක් කිරීමට බලාපොරොත්තු වන අතර කටයුතු සැළසුම් සකස් කර තියෙනවලු.
එමෙන්ම ඔවුන් තරයේ විශ්වාස කරනවා ලොව වටා තිබෙන දහස් ගනන් nonprofit organizations සහ university researchers ලා මෙම අලුත් තාක්ෂණය සමඟ අත්වැල් බැඳගෙන ලොව බහුතර ජනතාව අතර පවතින ප්‍රබල ගැටළු නිරාකරණය කරන්නට මෙම සේවාව දැවැන්ත රුකුළක්  වනු ඇති බව.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY