Edge Browserය බැටරි ආයුකාලය අතින් 53% අනෙක් Browser වලට වඩා ඉදිරියෙන්

Edge Browserය බැටරි ආයුකාලය අතින් 53% අනෙක් Browser වලට වඩා ඉදිරියෙන්

1838
1
SHARE

Microsoft සමාඟම විසින් පසුගිය දිනක සිදුකරන ලද පරීක්ෂණයක් මඟින් පෙන්වා සිටියේ ඔවුන්ගේ Edge web browserය භාවිතා කරනවානම් ඕනෑම Mobile Device එකක බැටරි ආයුකාලය ඉතා ඉහල අගයක පවත්වාගෙන යා හැකිබවයි. ඔවුන් මේබව සනාතකලේ එකම වීඩියෝවක් එකම වර්ගයේ Surface Book Laptop පරිගණක හතරක එකිනෙකට වෙනස් වූ Web Browsers තුල ධාවනය වීමට ඉඩ හැර එක් එක් Browser එකට අදාලව කොපමණ කාලයක් බැටරිය මඟින් ධාවනය කල හැකිද යන්න නිරීක්ෂණය කිරීමෙනි. මෙහිදී රැස්කරගත් දත්ත භාවිතා කර Microsoft Edge Browserය 53% කින් ඉතා ඉහල බැටරි භාවිතයකින් යුක්ත බවට ප්‍රකාශකරනු ලැබුවා.

මෙම පරීක්ෂණයේදී ලබාගත් දත්තයන් මෙසේය.

  • Microsoft Edge: 7h 22m 7s
  • Opera: 6h 18m 33s
  • Mozilla Firefox: 5h 9m 30s
  • Google Chrome: 4h 19m 50s

ඒ අනුව ඉතා වැඩිකාලයක් එනම් පැය 7 උත් විනාඩි 22කක කාලයක් මුළුලෙහිම පාහේ ඔබ විසින් අන්තර්ජාලයේ සැරිසැරීමට හැකියවක් ඇත්තේ Microsoft Edge Browser එක භාවිතාකරන්නන්ට පමණි.

Source : Microsoft Windows Blog 

Comments

comments