Microsoft සමාඟම ඊයේ නිකුත් කල විශේෂ නිවේදන 10ය මෙන්න

Microsoft සමාඟම ඊයේ නිකුත් කල විශේෂ නිවේදන 10ය මෙන්න

2689
0
SHARE

ඊයේ දින Microsoft සමාඟම විසින් නිව්යෝක් හිදී පැවැත්වූ Surface Device වැඩසටහනේ දී විශේෂ නිවේදන මෙන්ම විශේෂ Surface Hardware උපාංග රැසක්ම එලිදක්වනු ලැබුවා.

 

මෙම වැඩසටහනේ අරමුණ ප්‍රධාණ වශයෙන් යෙදී තිබුනේ නිර්මාණ ශිල්පීන් හට කීවොත් ඉතාමත්ම නිවැරදී. මක් නිසාදයත් මෙම වැඩසටහනෙහිදී  Microsoft සමාඟමේ තේමාව වී තිබුනේ “3D and creativity” යන්නයි.

මෙම වැඩසටහනෙහිදී සිදුකල විශේෂ නිවේදන අටක් අපට මෙසේ දැක්විය හැකිය.

Windows 10 Creators Update

දැනට Windows 10 සඳහා ලබාදී ඇති අලුත්ම Update එක වන්නේ Windows 10 Anniversary Update ඒකයි. එය පසුගිය අගෝස්තු මාසයේදි Microsoft සමාඟම විසින් නිකුත් කරණු ලැබුවා. අද දින නිව්යෝර්ක් හි පැවති Surface Device වැඩසටහනෙහිදී Microsoft සමාඟම විසින් මීලගට නිකුත් කිරීමට නියමිත Windows 10 Update එක පිළිබඳ හෙලිදරවු කරණු ලැබුවා. මේ අනුව මෙම Update එකේ නම Creators Update ලෙස නම්කර ඇති අතර මෙම Update එක 2017 වසරේ මාර්තුමස නිකුත් කිරීමට නියමිත බව කියා සිටියා.

Paint 3D

සමාඟමේ දැනට ඇති ඔබ අප කවුරුත් දන්නා Paint වැඩසටහණ අලුත් සංස්කරනයක් ලෙස නිකුත් කල බව ඔබ දන්නවා ඇති. මෙම Paint වැඩසටහනේ අලුත් සංස්කරණයෙහි විශේෂත්වය වන්නේ මෙමගින් සාමාන්‍ය පරිසරයේ ඇති ත්‍රිමාණ වස්තූන් Paint Caves තීරය මතට ගත හැකිවීමත් ඒවා ත්‍රිමාන ලෙස නිර්මාණය කිරීමට හැකිවීමත්වේ.

Windows VR Headsets

Powerful and affordable virtual reality is coming to everyone with the Creators Update. HP, Dell, Lenovo, ASUS, and Acer will ship the first VR headsets capable of mixed reality with the Windows 10 Creators Update.

Microsoft සමාඟමේ දැනට ඇති VR Headset එක වන HoloLens එකට අමතරව සමාඟමේ හවුලකරුවන් වන HP, Dell, Lenovo, Asus ,Acer යන සමාඟම් සමඟ එකතු වී නවතම VR Headset කීපයක් නිකුත් කරණුලබන බව සමාඟම කියා සිටියා. මෙම සැම VR Headset එකකම Windows 10 Holographic Operating System එක අඩංගුවන අතර මෙම Headset ඇමරිකානු ඩොලර් $299 සිට වෙලදපොලට පැමිනෙනු ඇත.

Xbox live streaming

xbox-one-to-pc-streaming-pc

Xbox හි ක්‍රීඩාකරන්නගේ පරිගණක ක්‍රීඩා සජීවීව Streaming කිරීම සඳහා Windows 10 Creators Update එක සමඟ Build-in විශේෂාංගයක් පැමිනෙනු ඇති. මෙහිදී  ඔබ ක්‍රීඩාකරනු ලබන ක්‍රීඩාව අන්තර්ජාලය ඔත්සේ ඔබගේ මිතුරන්ට හෝ ලොවට සජීවීව Broadcast කළ හැකිවීම පහසුවනු ඇත.

Windows People

Windows MyPeople experience with the Windows 10 Creators Update

ඔබගේ යහලුවන්, නෑදෑයින්, පවුලේ අය දැනට වඩා සමීපකිරීමට විශේෂ තාක්ෂණික විශේෂාංග.මෙහිදී ඔබට අවශ්‍ය දෑ ඔබගේ පවුලේ අය සමඟ හෝ යහලුවන් සමඟ ඉතා පහසුන් Drag and Drop එකක් මගින් Share කල ගත හැකිවේ.

Surface Studio 

1477495185-screen-shot-2016-10-26-at-111858-am

මෙම වැඩසටහනේ සුවිශේෂී තැනක් හිමිවූ එකම විශේෂාංගය Surface Studio පරිගනකයයි.මෙම පරිගණකය විශේෂයෙන්ම නිමාර්ණ කරුවන් සඳහා නිපදවා ඇති අතර මෙහි ඇති Touch Screen එක නිසැකවශයෙන්ම නිමාණකරුවන්ගේ නිර්මාණ වලින් ඔබ්බට ගෙනයනු ඇත.තවද මෙම Surface Studio පරිගණකය සමඟ තවත් නවතම උපාංගයක් හදුන්වාදෙනු ලැබුවා ඒ Surface Dial නැමති අමුතුම මාදිලියේ Hardware Menu උපාංගයයි.

Surface Dial

Surface Dial නැමති මෙම අමුතුම තාලයේ උපාංගය නිර්මාණ ශිලිපීන් සඳහා විශේෂයෙන්ම සැකසූ Hardware උපාංගයකි. මෙය Touch Screen තිරය මත තබා විවිධාකාරයේ කටයුතු සඳහා භාවිතාකල හැකිය. උදාහරණයක් ලෙස වර්ණ Picker එකක් ලෙස. මෙම Surface Dial උපාංගයෙහි මිල $99.99වේ.

Microsoft Surface Book i7

Surface Book පරිගණකයේ නවතම Version එකක් Microsoft සමාඟම නිකුත් කරණු ලැබුවා. එය නමින් Surface Book i7 වන අතර මීට පෙර Surface Book හි අන්තර්ගත නොවූ ඉතාමත්ම ඉහල තත්වයේ Core i7 ප්‍රොසෙසරයකින් සමන්විතවේ. මෙම මාදිලියේ විශේෂයෙන් කැපීපෙනෙන විශේෂාංග නොමැති මුත් Microsoft සමාඟම Surface පරිගණකය Upgrade කරමින් High End Laptop පරිගණකයක් පත්කරන බවනම් නිසැකය.

Office 3D Support 

3D in Office

Microsoft Power Point ඇතුලු අනෙකුත් සියලු Office Apps සඳහා ත්‍රිමාණ මාදිලියේ වස්තුන් ඇතුලත් කිරීම සඳහා පහසුකම Microsoft සමාඟම විසින් ලබාදෙනු ඇත.

Surface Mouse & Keyboard

අනෙකුත් Hardware උපාංග වලට අමතරව Microsoft විසින් Surface මූසිකයක් හා අනර්ග නිමාවකින් යුත් යතුරු පුවරු දෙකක්ම හදුන්වාදෙනු ලැබුවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY