Microsoft Excel ඔබගේ සිතුවිලි හැගීම් විශ්ලේෂණය කරනු ඇත

Microsoft Excel ඔබගේ සිතුවිලි හැගීම් විශ්ලේෂණය කරනු ඇත

3104
1
SHARE

ඔබගේ මුවින් පිටවූ වචන කොපමන දුරට ධනාත්මකද කොපමන ඝෘණාත්මකදැයි  ඔබ කවදා හෝ විශ්ලේෂණය කර ඇතිද. අප සිතින් සිතා වචන බවට පෙරළන සිතුවිලි තුළත්, සිතින් සිතා අකුරු කරන සියල්ල තුළත් ඇත්තේ ධනාත්මක හා ඝෘණාත්මක සිතුවිලි වල එකතුවක්ය. අප කොපමණ දුරට ධනාත්මකද ඝෘණාත්මක යන්න මත අපේ දෛවය පවා තීරණය වනු ඇත.  

Microsoft Excel මා හදුනාගත්තේ Columns හා Row එකි නෙක එක්වන තැන Cell එකක් බවත්. IV වන තෙක් කොළම්ද ඇති විසුරුම් පත්‍රිකාවක් ලෙසය. නමුත් අද එය මිනිස් සිතුවිලි පවා විශ්ලේෂණය කළ හැකි මෘදුකාංගයක් වූ අපූරුව මා විදිමින් සිටිමි. ඉතින් එක්සෙල් මෘදුකාංගය භාවිතා කොට අප සිත තුළ ඇති වන හැගීම් විශ්ලේෂණය කිරිම අරබමු.

ඔබ දවසක් තුළ ඔබගේ සිතෙහි ඇති වන හැගීම් වචන බවට පෙරලා එක්සෙල් තුළවූ Columns එකක් තුළ සටහන් කරන්න. දවසක් දෙකක් මාසයක් හැකිනම් කරන්න. පසුව එක්සෙල් හී Insert ටැබය තෝරාගැනීමෙන් පසුව Store යන්නත් ඉන් Data Analytic යන්න තෝරා ඒ යටතේ දැක්වෙන Azure Machine Learning යන්න තෝරාගන්න.

UntitledAzu

පසුව එක්සෙල් හී දකුණු පසට වන්නට තිබෙන කුඩා කවුළුවෙන් Text Sentiment Analysis (Excel Add-in Sample) යන්න තෝරාගන්න

UntitledAzu1

පසුව Input යන කොටසට ඔබ විසින් එක්සෙල් හී සටහන් කොට ඇති Column එක තුළ ඇති වාක්‍ය සමූහයත් Output යන්නට පිළිතුරු ලැබිය යුතු ආරම්භක Cell එකද ඇතුළත් කරන්න පසුව Predict යන්නත් තෝරාගන්න. දැන් ඔබ ගේ වාක්‍ය වලට හැරවූ සිතුවිලි කොපමණ ධනාත්මකද හා එහි අගයත් ඔබට දැකගත හැකි වනු ඇත.

UntitledAzu3 අනාගතය කොපමණ බිය ජනක වනු ඇතිද පරිගණකය මගින් අපගේ සිතුවිලි ඇතිවන මොහොතේම අපව නිරීක්ෂණය කරනු ඇත. අපට අප නැතිවනු ඇත.

Comments

comments