Microsoft සමාගම නිල වශයෙන් Visual Studio 2017 ප්‍රකාශයට පත් කරයි.

Microsoft සමාගම නිල වශයෙන් Visual Studio 2017 ප්‍රකාශයට පත් කරයි.

1649
0
SHARE

පසු ගිය නොවැ.17 දින පැවති connect() developer conference හිදී Microsoft සමාගම ඔවුන්ගේ නවතම IDE version එක එහෙමත් නැත්නම් Visual Studio 2017 ප්‍රකාශයට පත් කරනු ලැබුවා.ඒ වගේම තමයි සමාගම විසින් නිකුත් කල release candidate, ඒ කියන්නෙ යම් විශේශ bugs මතු විය හකි දැයි පරීක්ෂණ තත්වයේ පවතින නිකුත් කිරීමට ආසන්න final product එකද ඔබට දැන් VisualStudio.com මගින් ලබා ගත හැකියි.
මෙම IDE එක මෙම වර්ෂයේ මුල සිට Visual Studio’15’ යන නම යටතේ අත්හදා බලමිනුයි තිබුනෙ.ඒත් දැන් අවුරුදු ගනනාවකට පසුව නිකුත් වුනු smallest ම installation එක විදිහට මේ new installer එක එළි දක්වලයි තියෙන්නෙ. ඇත්තම කිවුවොත් මේක 60GB විතර features 750MB ටත් අඩු installation එකකට pack කිරීමක්.

මෙම නවතම IDE එක ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගෙන තියෙන්නෙ ios simulator එක සමගින් එන mobile cross-platform development එකයි.මේක ඇත්තටම Mac පරිගණකයක development වලදී විශේෂ වුන feature  එකක්.

ඒ වගේම VS 2017 තුල intellisense, එහෙමත් නැත්නම් Visual Studio තුල පවතින වඩාත් ජනප්‍රිය userට helpful features වලට තවත් improvements එක් කරල තියෙනවා.ඒ වගේම smart preselection, filtering, XAML support වගේ අළුත්ම features රැසකුත් මෙහි ඇතුළත් වෙනවා.

මේ අතර තියෙන තවත් වැදගත් feature එකක් තමයි code analysis
feature එක.මේ feature එක මුලින්ම launch කලේ Visual Studio 2015 සමගයි.මෙමගින් ඔබේ code එකේ තිබෙන වැරදි runtime එක වෙනකම් ඉන්නෙ නැතුව ඔබ එය type කරන මොහොතෙම පෙන්නල දෙනව.

ඒ වගේමයි run to click කියන අළුත්ම debugging feature එකත්
හදුන්වල දීල තියෙනව.මේකෙදි වෙන්නෙ code එකේ යම් වැරදි තැනක් හෝ code එක break වෙන තැනකට එනකම් program එක run වෙන එකයි.මේ නිසා අපිට code එකෙ තියෙන වැරදි පහසුවෙන් අදුනගන්න පුලුවන්.

ඇත්තටම මේ වගේ අළුත් අළුත් features ගොඩක් visual studio හි නවතම version එකේ තියෙනවා.ඔයාලට මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්න අවශය නම් Microsoft’s blog post එකෙන් එම තොරතුරු ලබා ගන්න පුළුවන්.එහෙමත් නැත්නම් ඉහත සදහන් කරපු release candidate එක VisualStudio.com මගින් download කරගෙන ඔබටම try කරන්නත් පුළුවන්.

source: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY