Microsoft ‍ගෙන් Android හි Bing search app එක සදහා අළුත්ම මුහුණුවරක්

Microsoft ‍ගෙන් Android හි Bing search app එක සදහා අළුත්ම මුහුණුවරක්

2096
0
SHARE

Bing search app එක කියන්නෙ smart phone භාවිත කරන ගොඩක් අයට අමුත්තෙක් නම් නෙවෙයි. එය ඔබ අසන දෙයට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පිළිතුරුදේවි. ඒ වගේම ඔබ වෙනුවෙන් ඔබ කැමති ගීත, චිත්‍රපට, ක්‍රීඩා තොරතුරු සොයන්නත් එයට පුළුවන්. Voice, photos, barcodes වගේ දේවල් භාවිත කරල සෙවීම් කරන්න අවස්ථාවත් Bing මගින් ලබා දෙනවා. ඒ වගේම Bing තමයි ඔබේ කුතුහලයට ඔබට තෑගි පිරිනමන එකම search engine එක. එය ඔබ search කරන අවස්ථා වලට points ලබා දෙනවා. Amazon හෝ Starbucks වල gift cards ඔබට පිරිනැමීම මේ points වලට අනුව සිදුවෙනවා.

Microsoft කණ්ඩායම මෑතදී Android සදහා වන Bing search app version එක සදහා අළුත්ම විශේෂාංග කිහිපයක්ම හදුන්වා දුන්නා. ඔවුන් පවසන්නෙ මේ නිසා app එකට සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ලැබෙන බවයි.

Microsoft සමාගම මුලින්ම මේ features හදුන්වාදුන්නේ iOS devices සදහා 2015 දී. එම features ම Android devices සදහා ගැළපෙන පරිදි නිර්මාණය කරන්නේ 2016 පෙබරවාරි වලදී.

මේ අළුත් version එක සමග කටයුතු කිරීම පරණ version එක සමග වැඩ කිරීමට වඩා පහසුයි ඒ වගේම සරලයි කියල තමයි සදහන් වෙන්නෙ. මෙය සංශෝධනය කළ color palette එකකින්ද සමන්විතයි. එහි නැවුම් වර්ණයන් ඔබව ප්‍රබෝධමත් කරාවි. දේශීය සමාගම් සහ සේවාවන් සොයාගැනීමට ඇති පහසුව මෙහි වැඩි දියුණු කර තිබෙන අතර වෙළෙදසැල් සොයා ගැනීමට ඇති හැකියාවත් ඉහළයි.

 

ඔබට සොයාගන්න වුවමනා කර තිබෙන ගීතයක් අවන්හලක් වැනි ඕනෑම දෙයක් නව Bing ඉතා පහසුවෙන් සොයාදේවි. ඔබට අවශ්‍ය images, videos, news search results වගේම gifs ඉතා ඉක්මණින් සොයාදෙන්න වගේම එයින් ඔබ කැමතිම ඒවා save කරගන්නත් Bing ට පුළුවන්. හොද කියවීමක් සදහා අකුරු වල font එක සහ size එක වෙනස් කිරීමේ හැකියාව වගේම background එක වෙනස් කිරීමේ හැකියාවද Bing සතුයි.

Bing search app හි මේ අළුත් version එක Google play store වලින් දැන් ලබා ගන්න පුළුවන්.

Source:https://www.neowin.net/news/microsoft-gives-bing-search-app-a-whole-new-look-on-android-including-animated-gif-search

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY