Microsoft green plan එක ගැන දන්නවද

Microsoft green plan එක ගැන දන්නවද

1957
0
SHARE
ISSY-LES-MOULINEAUX, FRANCE - MARCH 06: Microsoft logo on the Microsoft France campus, which inaugurates the IA Microsoft School, on March 6, 2018 in Issy-les-Moulineaux, France. The American IT multinational opens its artificial intelligence school in partnership with start-up Simplon.co, and welcomes its first promotion of 24 people aged 19 to 39. (Photo by Christophe Morin/IP3/Getty Images)

වර්ථමානය වෙන විට ඇතිවෙලා තිබෙන පාරිසරික ගැටළු , ඒ කියන්නේ අපේම ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවෙලා තිබෙන හානිය ගැන හැමෝම කතා කරනවා. නමුත් ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නේ බොහොම අඩු පිරිසක්. ඉතින් මේ වගේ තත්වයක Microsoft ආයතනයත් එයාලගෙම කියලා Green plan එකක් ක්‍රියාත්මක කරන්න පියවර ගත්තා. 2009 දි මුලින්ම තබපු පියවර අනුව ඔවුන්ගේ අරමුණ වුනේ 2030 වනවිට ඔවුන්ගේ කාබන් බැහැර කිරීම 75% කින් අඩු කිරීමයි.

ඉතින් මේ වසරේ ඒ වෙනුවෙන් තබපු තවත් පියවරක් විදියට ඔවුන් ඔවුන්ගේ internal carbon fee එක metric ton එකකට $15 දක්වා දෙගුණයකින් වැඩි කර තිබෙනවා. මේ internal tax එක ඔවුන් ස්ථාපිත කරලා තිබෙන්නේ 2012 වර්ෂයේ සහ එයට හේතුව ලෙස දක්වලා තිබෙන්නේ ඔවුන්ගේ ව්‍යාපාරිකයන්ට  මේ carbon බැහැර කිරීම අඩු කිරීම පිලිබඳ වගකීමක් ලබලා දෙන්න කියලා.

2019 අප්‍රේල් 15 වෙනිදා company president Brad Smith විසින් ඔවුන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග කිහිපයක්ම විස්තර කලා.


1.Building sustainable campuses and data centers.
2.Accelerating research through data science.
3.Helping customers build sustainable solutions.
4.Advocating for environmental policy change.

තවදුරටත් ඔවුන් ප්‍රකාශ කරනවා ඔවුන්ගේ data centers සඳහා අවශ්‍ය වන බලය සුළං බලයෙන් ලබාගන්නටත් සහ 2018 අග වනවිට 50%ක බලශක්ති අවශ්‍යතාව මෙමගින් සපුරා ගැනීමටත් ඔවුන්ට හැකි වූ බව. ඒ වගේම ඉදිරි දශකය තුල එය 100%ක් දක්වා සහ 2023 වනවිට 70%ක් දක්වා ඉටු කරගැනීමට  ඔවුන් බලාපොරොත්තු වෙනවා.


data center assets සහ servers වල නැවත භාවිතය , නැවත විකිණීම සහ ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා Internet of Things (IoT), blockchain සහ  artificial intelligence (AI) භාවිතා කරන්නටත් ඔවුන් සුදානම් වෙනවා.
ඒ වගේම සුළං බලයට අමතරව ජලය මගිනුත් බල ශක්තිය ලබාගැනීමට ඔවුන් අදහස් කරනවා.
මේ පිලිබඳ තවත් විස්තර මෙතනින් බලන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY