Microsoft Imagine Cup 2018 සඳහා ඔබ සූදනම්ද?

Microsoft Imagine Cup 2018 සඳහා ඔබ සූදනම්ද?

2394
0
SHARE

Microsoft සමාගම විසින් සෑම වසරකම පවත්වන technology competition එකක් තමයි Microsoft Imagine Cup කියන්නේ. Technology සම්බන්ධව හොද අදහස් තිබෙන සිසුන්ට ඒවා යථාර්තයක් කරගන්න ලැබෙන වටිනා අවස්‌ථාවක් තමයි මේ Imagine Cup තරගාවලිය.

2013දී ආරම්භ කල මේ තරගය මේ වෙනකොට වසර 15 ක් සාර්ථක ලෙස පවත්වලා තිබෙනවා. එහි 16 වන තරගාවලිය තමයි මේ වසරේ පැවැත්වීමට නියමිත වෙන්නේ.

සෑම වසරකම ලෝකය පුරා ජීවත් වන දහස් ගණනක් සිසුන් මේ Imagine Cup තරගය සදහා සහභාගී වෙනවා.

ඉතින් ඔබත් අලුත් අදහස් තියෙන කෙනෙක්නම් මේ අවස්ථාව ඔබටයි Imagine Cup තරගාවලියට සහභාගී වෙන්න.

 

Imagine Cup තරගය සදහා සහභාගී වෙන්නේ කොහොමද?

Step 1:  Imagine Cup Account එක සෑදීම.

මුලින්ම https://imagine.microsoft.com/en-US/ webpage එකට පිවිසෙන්න.

Webpage එකේ දකුණුපස ඉහළ ඇති Sign In මත click කරන්න.

ඔබට Microsoft account එකක් තියනවනම් අදාල email address සහ password එක භාවිතා කරලා Sign In වෙන්න පුළුවන්.

එහෙම නැත්නම් Create One මත click කරලා අලුත් Microsoft Account එකක් හදලා ඉන්පසු නැවත Sign In වෙන්න.

දැන් ඔබ පහත ආකාරයේ webpage එකකට පිවිසෙයි.

Step 2:  Team එක සෑදීම සහ submit කිරීම.

එක Imagine Cup Team එකකට සහභාගී විය හැකි උපරිම members ලා ගණන තුන්දෙනෙක් පමණයි. ඒවගේම team එක හදන්න කලින් team members සියලුමදෙනා තම තමන්ගේ accounts create කරලා තිබිය යුතුයි.

 

Microsoft Imagine Cup Account එකට log වූ විට ලැබෙන interface එකේ ඇති Account මත click කරන්න.

ඉන්පසු Your Teams යටතේ තිබෙන Create Teamහි ඔබේ team name සදහන් කර එය submit කරන්න.

දැන් ඔබේ team එකේ details සහ ඔබේ project එකට අදාල details සම්පූර්ණ කරලා save කරන්න.

දැන් Account page එකේ ඇති Your Team යටතේ ඇති Manage, click කරන්න.

 

දැන් Add Members යටතේ ඔබේ team membersලගේ email addresses ඇතුලත් කරලා Send Invite click කිරීමෙන් ඔවුන්ට invite කරන්න ඔබට පුළුවන්.

Team එකේ සහ project details වල වෙනසක් කරන්න තියනවා නම් දැන් ඒවා edit කරලා save කරන්න.

Project එකට අදාල සියලුම details , documents සම්පූර්ණ නම් දැන් ඔබට පුළුවන් ඔබේ team එක submit කරන්න.

 

Microsoft Imagine Cup 2018 තරගාවලිය සදහා අයදුම් කිරීමට ඇති අවසාන දිනය 2018 මාර්තු 5 නිසා ඊට පෙර submit කරන්න.

* ඔබ team leader නොවෙයි නම් ඔබේ team leader අදාල  team එක create කරලා ඔබට invite කල යුතුයි.

Imagine Cup 2018 තරගාවලියට අදාල කාලරාමුව

Microsoft Imagine Cup 2018 තරගාවලියට අදාල කටයුතු සිදු වෙන්නේ පහත කාලසටහනට අනුවයි.

Prizes

Microsoft Imagine Cup 2018 තරගාවලියේ ජයග්‍රාහකයන්ට ලබා දෙන්න ත්‍යාග කිහිපයක්ම සූදානම් කරලා තියෙන්නේ.

  1. First Place: $100,000 USD, Azure Grant
  2. Second Place: $25,000 USD, Azure Grant
  3. Imagine Cup Awards: $15,000 each for Artificial Intelligence, Big Data & Mixed Reality

ඒ විතරක් නෙවෙයි ප්‍රථම ස්ථානය ලබා ගන්නා  team එකට Microsoft සමාගමේ CEO Satya Nadella මහතා සමග mentoring session එකකුත් සූදානම් කරලා තියෙන්නේ.

Imagine Cup තරගාවලියට අදාල කොන්දේසි මෙතනින් කියවන්න පුළුවන්.

Microsoft Imagine Cup 2017 තරගයේ ජයග්‍රාහකයන් පිළිබද විස්තර මේ webpage එකෙන් දැනගන්න පුළුවන්.

එහෙමනම් Imagine Cup 2018 තරගාවලියට සහභාගී වෙලා ජයග්‍රහණය කරන්න සුභ පතනවා.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY