Microsoft Imagine Cup අවසන් තරඟයට ලංකාවෙන් යන Team Titans

Microsoft Imagine Cup අවසන් තරඟයට ලංකාවෙන් යන Team Titans

4464
2
SHARE

Microsoft සමාඟම විසින් සැම වරකම සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup තරගාවලියේ නවතම කොන්දේසි හා එහි පසුගිය තරඟාවලින් පිළිබඳව පසුගිය ලිපි වලින් අපි ඔබව දැනුවත් කරා. මෙවර තරඟාවලියේ පසුගිය තරඟ වලට වඩා යම් යම් වෙනස්කම් තිබුණු බව ඔබට මතක ඇති.  ඉතින් මෙවර මෙම වටයෙන් තේරී සුදුසුකම් ලබා තියෙන්නේ මොරටුව සරසවියේ Team Titans කියන කණ්ඩායම.

අවුරුදු 2කට කලින් 4 දෙනෙක්ගෙන් පටන් ගත්ත මේ කණ්ඩායමේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ Imagine Cup අවසන් වටයට තේරී පත් වී තරඟය ජයග්‍රහනය කිරීමයි. මෙවර තරඟ නීති රීති අනුව එක් කණ්ඩායමක සාමාජිකයන් ගණන 3 දෙනෙකුට සීමා කර තිබෙන නිසා කණ්ඩායමේ 3 දෙනෙක් එකතු වෙලා තමයි ඔවුන්ගේ product එක ඉදිරිපත් කරලා තියෙන්නේ.

මොරටුව සරසවියේ ඉංජිනේරු අංශයේ CSE හදාරන මොවුන් Hackathons රැසකට සහභාගි වෙලා ජයග්‍රහනය කර තිබෙන ඉතා දක්ශ කණ්ඩායමක්. Team Titans කණ්ඩායමේ team membersලා ගැන කතා කරොත් කීත් සුගතදාස, දිමුතු කාරියවසම් සහ බුද්ධි අයේශ කියන 3 දෙනා එකතු වෙලා තමයි මෙවර තරඟයට සහභාගි වෙන්නේ. මොවුන්ගේ පාසල් පසුබිම ගැන කතා කරොත් දිමුතු අධ්‍යාපනය ලබලා තියෙන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් කීත් අධ්‍යාපනය ලබා තිබෙන අතර බුද්ධි අධ්‍යාපනය ලබලා තියෙන්නේ කොළඹ මහානාම විදුහලෙන්. ඒ වගේම මේ වන විට මොවුන් Trancite24 (pvt) Ltd කියන startup 1ත් වැඩ පටන් අරන් කරගෙන යනවා කියලා අපිත් සමඟ සඳහන් කළා. Hardware සහ IoT සම්බන්ධ වැඩ ගැන බලන්නේ බුද්ධි අයේශ. Marketing සහ Business අංශය ගැන කීත් සුගතදාස අවධානය යොමු කරන අතරේ Game Development සහ Web Development වගේ Software Development සම්බන්ධ වැඩ ගැන බලන්නේ දිමුතු කාරියවසම්.

කෙසේ වුවත්, මොවුන් මෙවර ලෝකශුරතාවයට සුදුසුකම් ලබා තියෙන්නේ “Inhalo” කියන නිෂ්පාදනයත් එක්ක. ඔවුන්ගේම කණ්ඩායමේ සාමාජිකයෙකුට ඔහු කුඩා අවධියේදි ඇති වෙලා තිබෙනවා Asthma (ඇදුම) කියන රෝගි තත්වය, එයට විසඳුමක් විදිහට තමයි IOT නිෂ්පාදනයක් වන “Inhalo” ගැන අදහස ඔවුන්ට ඇති වෙලා තියෙන්නේ.

ගොඩක් පොඩි ළමයි Asthma(ඇදුම) වලට පාවිච්චි කරන Inhaler එක පාවිච්චි කරන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන්ට motivational factor එකක් දෙන්න තමයි අපි ගොඩක් බලාපොරොත්තු වුනේ. ඒ නිසා තමයි අපි හිතුවෙ මේ රෝගී තත්වය analyze කරන්න පුලුවන් device එකක් ඔවුන්ට ලබා දෙන්න. නැත්නම් ගොඩක් වෙලාවට ඔවුන්ට සිදු වෙනවා ඔවුන්ගේ reports බලන්න රෝහල වෙත නිතර නිතර යාමට. ඒ නිසා තමයි අපි හිතුවේ ඔවුන්ට කැමති වෙලාවක analysis එක ගන්න පුලුවන් වගේම breathing patterns හඳුන ගන්න පුලුවන් mobile එකත් එක්ක සම්බන්ධ වුන device එකක් ඔවුන්ට ලබා දෙන්න.

Asthma(ඇදුම) කියන එක ගොඩක්ම බලපාන්නේ පෙනහලු වල තියෙන ශක්තිය මත. පොඩි කාලෙදි ගොඩක් වෙලාවට කුඩා ළමයිට මේ නිසා training එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි හිතුවා එයාලා motivate කරන්න පුලුවන් game එකක් විදිහට මේක නිර්මාණය කරන්න. ඒ නිසා ඒකට ගැළපෙන විදිහට inhaler එක simulate කරන්න පුලුවන් විදිහට අපි headphone එකක් හැදුවා. ඇත්තටම අපි මේක කරේ research paper එකක් පදනම් කරගෙන.ඒකෙ සදහන් වෙලා තිබුනා කනෙන් නහයෙන් වගේම කකුල් වලිනුත් breathing patterns හඳුන ගන්න පුලුවන් කියලා. ඉතින් userට ලේසි user friendlyවිදිහට අපි හිතුවා කනෙන් breathing patterns හඳුනා ගන්න පුලුවන් විදිහට මෙම device එක නිර්මාණය කරන්න. මූලිකවම මෙම device එකෙන් පොඩි ළමයෙක් game එක play කරන ගමන් රෝගි තත්වය සුව කරගන්නත් ඔවුන්ට පුලුවන් වෙනවා.

ඔවුන්ගේ මෙම නිර්මාණයේ backend එක, mobile app එක සහ database එක host කරලා තියෙන්නේ Azure Cloud එකේ. ඊට අමතරව Redis Cache සහ Azure Machine Learning Studio කියන Microsoft products ඔවුන් මේ සඳහා යොදා ගෙන තිබෙනවා. ඒ වගේම Xamarin භාවිතා කරලා තමයි ඔවුන්ගෙ mobile app එක නිර්මාණය කරලා තියෙන්නේ. Windows, Android සහ ios platforms 3ටම මේ වන විට mobile app එක නිර්මාණය කර අවසන් කර තිබෙනවා.

CAKE LABSහි පැවැත් වූ IoT Hackathon එක සඳහා Team Titans ඔවුන්ගේ “Inhalo” එක ඉදිරිපත් කළ ආකාරය මෙම video එකෙන් ඔබට බලා ගන්න පුලුවන්. ( මේ ඉදිරිපත් කිරීමට වඩා ටිකක් අදහස වෙනස් කරලා තමයි Imagine Cup තරඟාවලියට “Inhalo” ඉදිරිපත් කරලා තිබ්බෙ )

මේ කණ්ඩායම මේ මස (අප්‍රේල්) 22 සිට 26 දින කීපය තුල පිලිපිනයේ පැවැත්වෙන Imagine Cup Regional Finals එහෙමත් නැතිනම් Imagine Cup ආසියාතික ශූරතාවයේ තරග වදිනවා. ඉතින් අපේ එකම බලාපොරොතුවනම් මේ කණ්ඩායමට Imagine Cup ලෝකශූරතාවය දිනාගෙන අපේ රටට අරන් එන්න අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබෙන්න කියලයි. Team Titans කණ්ඩායමට WindowsGeek කණ්ඩායමේ උණුසුම් සුභ පැතුම්.

Comments

comments

2 COMMENTS

Leave a Reply to Microsoft Imagine Cup අවසන් තරඟයට ලංකාවෙන් යන Team Titans - Kolomthota Cancel reply