Excel වලට හදුන්වාදුන් නවතම data types ඉගෙනගමුද?

Excel වලට හදුන්වාදුන් නවතම data types ඉගෙනගමුද?

2624
0
SHARE

Microsoft Excel කියුවම නොදන්නා කෙනෙක් නැහැ. ඒකට හේතුව තමයි අපි හැමෝම හුගක් වෙලාවට පාවිච්චි කරන Microsoft Office Package එකේ මෙයා උඩින්ම ඉන්න කෙනෙක් වීම. Microsoft Excel නිර්මාණය වෙන්නේ Microsoft අය විසින් හදුන්වා දුන්නේ ඔවුන්ගේ Spreadsheet එකක් විදිහට. මේක Cells, Rows වගේම Columns වලින් සමන්විතයි.

මේක develop කරන්න පාවිච්චි කරපු  language එක වෙන්නේ Visual Basic for Applications. මෙයාගේ ආරම්භය 1987 තරම් ඈතට ගියත් මෙයාව සමාජ ගත වුනේ 1993 වගේ කාලයේදී.

2017 වසරේ පැවැත්වුණු IGNITE CONFERENCE එකේදී Microsoft කට්ටිය, ප්‍රකාශ කරනු ලැබුවා ඔවුන් විසින් Excel වල නවතම වූ වෙනස්කම් කිහිපයක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියන දේ. මේ වෙන වෙනස්කම් සම්බන්ධව සෑහෙන කතා ගොඩක් තිබුනා. බොහෝ Developersලා බලාපොරොත්තු වුන කරුණක් තමයි custom javascript functions පැමිණේවි කියන කරුණ. Excel වලට පාවිච්චි වුන Visual Basic වලට වඩා හොද language එකක් වුනු javascript වලින් තමයි මේවා නිර්මාණය වෙන්නේ. developer කෙනෙක් නිර්මාණය කරන javascript function එකක් ඕනෑම තැනක run කරන්න පුළුවන් කිරීම මේකේ මුලිකම වෙනස්කමක්. මේ ලියන functions iOS, Windows, Android වගේ platforms ගණනාවකට භාවිත කරන්න පුළුවන්. මේ අදහස නිකුත් වෙද්දී ඇත්තටම Visual Basic language එක භාවිතයෙන් ඉවත් කරන්න හෝ භාවිතය අඩු කිරීම සම්බන්ධව  කිසිම දෙයක් කියවිලා නැතත් Javascript වල ආගමනය හොද වෙනසක් කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම දෙවෙනි වැදගත්ම කාරණාව තමයි Spreadsheet Application එකට අලුතින් එකතු වෙන data types. මේකෙන් කෙරෙන වැදගත්ම කාරණාව තමයි ඔබ ඇතුලත් කරන input එකකට ගැලපෙන data type එක recognize කරගන්නවා ස්වයංක්‍රීයවම. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ company list එකක් හදනවනම්, ඒකට අදාල වෙන කරුණු, උදාහරණයක් විදිහට කියනවනම් ඒ companies වල logos, ඒවගේ stock market prices වගේ වැදගත් කරුණු ඔබට cloud technology හරහා ලබාගන්න පුළුවන්.

මේක තවත් පැහැදිලි කරනවානම් ඔබ හිතන්න ඔබේ Column A1 වල තියෙන්නේ Colombo කියල. ඔබ දැක්වුවොත් A1.Population වාගේ කරුණකින් ඔබට Colombo වල ජනගහනය පවා ලබාගන්න පුළුවන් වෙන්නයි මේක හදල තියෙන්නේ. නගරයක විස්තර ගැන කියනවනම් zip codes, countries වගේ තොරතුරුත් එක්කම. ඔබ මේ spreadsheet එක refresh කරන සෑම වාරයකදීම මේ details update වෙනවා. එකයි මේකේ තිබෙන වැදගත්කම.

Excel Online වලටත් අලුත්ම වෙනස්කම් කිහිපයක් ගැන ඔවුන් කරුණු දැක්වුවා. ඔබට පුළුවන් දැන් data format කරන්න ඕන වෙන අවස්ථාවලදී Pivot Tables, delete rows, delete columns වගේ දේවල් වලට පහසුවෙන් යොමුවෙන්න. Images පාවිච්චි කරද්දී පවා OneDrive පාවිච්චි කරනවා වෙනුවට local database එකකින් add කරන්න පුලුවන් වෙන විදිහටයි මේ අලුත් update එක එන්නේ.

නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/microsoft-finally-introduces-its-cloud-connected-data-types-for-excel

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY