Low-end Android දුරකථන සදහාත් Skype

Low-end Android දුරකථන සදහාත් Skype

1715
0
SHARE

Video chat සහ ඇමතුම් ලබා ගැනීමෙහි ලා සුවිශේෂී ස්ථානයක් හිමි Skype application එකෙහි මෑත කාලීනව සිදු වූ සංස්කරණයක් පිලිබදව තමයි මම මෙම ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් අපි බලමු මොකක්ද මේ සංස්කරණය කියල.

Android මෙහෙයුම් පද්ධතියේ version 4.0.3 සිට 5.1 දක්වා Skype තුලින් ඉතාමත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වන පරිදි තමයි මෙම අලුත් යාවත්කාලීන කිරිමේදි පහසුකම් සලසා දීල තියෙන්නෙ. මෙහිදී Skype නවීකරණය කිරිමේ මූලික අරමුණ වෙලා තියෙන්නෙ පැරණි සහ low-end Android උපාංග වෙත වඩාත් හොඳ සේවාවක් ලබා දීමයි.


Microsoft ආයතනය පවසන පරිදි මෙම version එකෙහි disk එක සහ memory පරිභෝජනය ඉතාමත් අඩු හා සරල වන අතර මනා ලෙස Internet සම්බන්ධතාවයක් නැති අවස්ථාවක වුනත් එමගින් මනා audio සහ video ක්‍රියාකාරිත්වයක් ලබා දිමට අවශ්‍ය කටයුතු සකස් කරල තමයි මෙම නවතම සංස්කරණය කරල තියෙන්නෙ.

Microsoft ආයතනය මගින් කරන ලද මෙම ක්‍රියාව Android Go සමග Google සමාගම සිදු කරන ක්‍රියාවලියට බොහෝ සෙයින් සමාන වන අතර මෙවැනි ක්‍රමවේදයක් ඔස්සේ යන ප්‍රථම සන්නිවේදන යෙදුම නම් Skype විතරක්ම නම් නෙමෙයි. මීට ඉහතදී Messenger lite Application එක Facebook විසින් හදුන්වාදෙන ලදී. එමෙන්ම Twitter වෙතින් හදුන්වා දුන් අඩු data ප්‍රමාණයක් යොදා ගනිමින් ක්‍රියාත්මක වන Twitter lite application එක තවත් නිදසුනකි.

නවතම මාදිලියේ දුරකථන ලබා ගත නොහැකි වීම සහ දැරිය නොහැකි මිල ගණන් පැවතීම වැනි හේතුන් නිසා අඩු දත්ත ප්‍රමාණයක් වැයවන සහ කාර්යසාධක බලයක් අවශ්‍ය නොවන applications සහ websites අවධාරණය කිරීම දැන් ප්‍රයෝජනවත් දෙයක් බවට පත් වෙලා තියෙනවා.

Source: https://www.theverge.com/2018/3/4/17078366/microsoft-skype-optimizing-low-end-android-phone-apps

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY