GitHub, Opensource දායකයන් අතරෙන් ප්‍රමුඛ ස්ථානය Microsoft සමාගමට

GitHub, Opensource දායකයන් අතරෙන් ප්‍රමුඛ ස්ථානය Microsoft සමාගමට

1885
1
SHARE

මෑතක පටන් Microsoft සමාගම ඔවුන්ගේ ව්‍යාපෘති රැසක්ම විවෘත මූලාශ්ර(open source) බවට පත් කර තිබේ . පසුගිය වසරේදී Visual Studio code එක ඔවුන් විවෘත මූලාශ්රයක් ලෙස නිකුත් කර තිබීම සුවිශේෂී කරුණකි . Microsoft Edge’s JavaScript engine, Xamarin SDKs සහ PowerShell මෙසේ විවෘත මූලාශ්ර ලෙස නිකුත් කරපු ව්‍යාපෘති කිහිපයකි. GitHub විශ්ව සම්මන්ත්‍රණය දවසේ වැදගත් කරුණු රාශියක් හෙළිදව් වුනු අතර,
පුදුමයට කරුණ වුයේ,GitHub විවෘත මූලාශ්ර දායකයන් අතුරින් වැඩිම විවෘත මූලාශ්ර දායකය වුයේ Microsoft සමාගම වීමයි. මේ සඳහා සමාගමේ 16,419 දෙනෙකු දායක වී තිබේ. මෙහිදී Microsoft සමාගම Google සහ Facebook පරදවා ඇතැයි කිව්වොත් නිවැරදිය. මක්නිසාදයත් Github සඳහා දායක වුවන් අතරින්, facebook සමාගමෙන් දායක වී ඇත්තේ 15,682 පිරිසක් වන අතර Google තුලින් දායක වී තිබුනේ 12,140 පිරිසක් පමණ වීමයි.

Microsoft’s Visual Studio Code විවෘත මූලාශ්රය සඳහා 5855 දෙනෙකුගේ දායකත්වයක් සමග එය repositories අතුරින් ප්‍රමුඛ repositoryයක් බවට පත් වී තිබේ.

open-source

වාර්තා වලට අනුව Microsoft සමාගම ඉදිරියටත් ඔවුන්ගේ ව්‍යාපෘති විවෘත මූලාශ්ර ලෙස ඉදරිපත් කරනු ඇත. මෙයට මිලියන දෙකක පිරිසක් Visual Studio Code, ස්ථාපනය(install) කරගැනීම තුලින් ඔවුන් ලද සාර්ථකත්වයත් සහ විවෘත මූලාශ්ර ප්‍රජාව Microsoft සමාගම වෙත දක්වන විශ්වාසයත් හේතුවක් වන්නට ඇත.මීට අමතරව යෙදුම් (apps) සහ මෙවලම්(tools) රැසක් පවුන් දැනටමත් විවෘත මූලාශ්ර ලෙස ඉදිපත් කර ඇති අතර මෙවායින් සමහරෙක් Linux සහ Mac මෙහෙයුම් පද්ධති සඳහා ද ලබා ගත හැක. මෙහිදී PowerShell ව්‍යාපෘතිය macOS සහ Linux හි දැක්වූ සාර්ථකත්වය විශේෂ කරුණකි. මෙයට අමතරව Microsoft Edge’s JavaScript engine, ChakraCore වැනි ව්‍යාපෘති ද macOS සහ Linux සඳහා ලබා දී තිබේ.

GitHub සංඛ්‍යා ලේඛන පිළිබඳ වැඩිදුර තොරතුරු මේ තුලින් ලබාගත හැක.(https://octoverse.github.com/)

source :mspoweruser.com

Comments

comments