Microsoft Job ලැයිස්තුවට අනුව HTC සමාගම, Windows 10 දුරකතන නිපදවනු ලබයි

Microsoft Job ලැයිස්තුවට අනුව HTC සමාගම, Windows 10 දුරකතන නිපදවනු ලබයි

2567
1
SHARE

බොහෝ දෙනාට අනුව Windows Phone යනු මියගිය නිෂ්පාදිතයකි. නමුත් Lumia 950/950XL හඳුන්වාදීමත් සමග Microsoft සමාගමේ නවතම දුරකතන සඳහා වන OS එක පිළිබඳ සුලු වශයෙන් පුවත් අනාවරණය වෙමින් පවතී. Microsoft සමාගම Lumia 650 නිපදවීම අත්හැර දමා නොමැති අතර, VAIO සහ HP වැනි නිෂ්පාදකයන් මගින් Windows 10 දුරකතන නිපදවීමද නවතා නොමැත. ඒ අනුව HTC සමාගම Microsoft සමග නව උපාංග නිපදවමින්, තම සහයෝගීතාව ඉදිරියට පවත්වාගෙන යා හැකි බව විශ්මයට කාරණාවක් නොවනු ඇත.

Microsoft job ලැයිස්තුවට අනුව, WMPUහි ප්‍රථමයෙන් වාර්තා කල පරිදි, වර්තමානයේ Microsoft සමාගම තායිවානයේ තායිපේ නුවර HTCහි මූලස්ථානයෙහි ගිණුම් කලමනාකරණය සඳහා අධ්‍යක්ෂක වරයෙක් සොයමින් සිටියි. තවදුරටත් එම ලැයිස්තුව දෙස බැලීමේදී, එක් කොටසක “Windows 10 Mobile සහ Microsoft සේවා HTC උපාංග සමග සම්බන්ධවීම” ලෙස දක්වා ඇත. එමගින් සමාගම් දෙකෙහි සහයෝගීත්වයෙන් ඉදිරියේ සිදුවිය හැකි දෑ පිළිබඳ හොඳ පෙරනිමිත්තක් ලබා දෙයි.

“This person will lead all aspects of sales and business development interaction with HTC, one of our top 3rd party phone device partner accounts. Being the HTC AM will have a heavy emphasis on coordinated strategy development with OSG, Marketing, and OEM. Impact must be driven through senior executive levels up to and including CEO level with the goal to build product portfolio that highlight focused user scenarios around our Windows 10 Mobile and Microsoft services combined with HTC’s devices, applications, and services”

Microsoft සමාගම HTCහි මීලඟ flagship දුරකතනය, WM10 සඳහා යොදාගනී ද? HPහි Elite X3 ව්‍යාපාරිකයන් සඳහා වන උපාංගයක් වීම සහ VAIO ජපානය තුල පමණක් භාවිත කිරීම හේතුවෙන් WM10හි අනාගතය, ගැටලු රැසක් මූලික කොටගෙන පවතී. ඔබ Microsoftහි mobile OS රසිකයෙක් නම්, Microsoftහි OEM සහකරුවන් තවමත් එම platform එක අත්හැරීමට සූදානම් නොමැති බව දැනගැනීමට ලැබීම සැනසිලිදායක පුවතකි.

Comments

comments