Microsoft නිකුත් කල නවතම පොත – The Future Computed

Microsoft නිකුත් කල නවතම පොත – The Future Computed

2728
0
SHARE

Artificial Intelligence එහෙම නැත්නම් කෘතීම බුද්ධිය කියන්නේ පසුගිය වසර කිහිපය තුල වැඩි පිරිසකගේ අවධානය යොමු කෙරුණු මාතෘකාවක්. මේ නිසාම Microsoft සමාගම 2016දී Microsoft AI and Research Group නමින් පර්යේෂණ කණ්ඩායමක් පටන් ගන්නවා.

මේ research group එකේ President, Chief Legal Officer, Brad Smith මහතා සහ Executive Vice President, Harry Shum මහතා මූලිකත්වය ගෙන මීට දින කිහිපයකට කලින් Microsoft සමාගම පොතක් නිකුත් කරනු ලැබුවා. මේ පොතේ නම තමයි The Future Computed(Artificial Intelligence and its role in society). කෘතීම බුද්ධිය සහ සමාජය තුල එහි කාර්යභාරය පිළිබද තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. මේ පොත නොමිලේම ඕනෑම කෙනෙකුට කියවන්න පුළුවන්.

ඔවුන් දෙදෙනා මේ පොත සම්බන්දව විස්තර Microsoft blog එකේ සටහන් කර තිබෙනවා. එහි අඩංගු කරණු කිහිපයක් කෙටියෙන් සදහනක් කරන්නම්.
Mobile devices, cloud computing ඇතුළු තාක්ෂණය කාලයත් සමග අපි එදිනෙදා ජීවිතය ගතකරන ආකාරය වෙනස් කරලා තිබෙනවා. ඒවගේම Microsoft සමාගමේ අරමුණ වෙන්නේ AI (Artificial Intelligence) භාවිත කරලා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බවයි එහි සදහන්ව තිබුණේ. වසර 2038 වන විට personal digital assistants වලින් මිනිසාට උපරිම ප්‍රයෝජන ගත හැකි ලෙස ඒ කියන්නේ cars drive කරන්න, අපේ schedules manage කරන්න හැකි ලෙස තවත් දියුණු වෙන බවත් ඒවගේම සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර තවත් වැඩි දියුණු කිරීමට AI යොදා ගන්නා බවත් ඔවුන් පවසනවා.

ඒවගේම AI design කරන්නේ කොහොමද සහ වගකීම් සහිතව භාවිත කරන්නේ කොහොමද, මිනිසා ආරක්ෂා වන පරිදි AI පිළිබද සදාචාරාත්මක මූලධර්ම ස්ථාපිත කරන්නේ කොහොමද, AI භාවිතය පාලනය කරන්නේ කොහොමද සහ AI භාවිතය අනාගතයේ රැකියා වලට කුමන ආකාරයකින් බලපායිද යන ගැටළු ඔවුන් ඉදිරිපත් කර තිබුනා. මේ ගැටළු වලට පිළිතුරු සෙවීමට නම් technologistsලට රජය(US), අධ්‍යාපන ක්ෂේත්‍රය, ව්‍යාපාර ක්ෂේත්‍රය, සිවිල් සමාජය හා Microsoft සමාගමේ අනිත් පාර්ශවකරුවන් සමග සමීපව කටයුතු කිරීමට සිදුවන බවයි ඔවුන්ගේ අදහස.

AI භාවිතය නිසා දැනට තිබෙන රැකියා අවස්ථා අඩු වෙන්න පුළුවන් ඒවගේම අලුත් රැකියා අවස්ථා ඇති වෙන්න පුළුවන් එනිසා AI රැකියා අවස්ථා කෙරෙහි බලපාන අන්දම ගැන අවධානය යොමු කලයුතු බවත් එහි සදහන් කර තිබුණා.

පහත ලින්ක් එක click කිරීමෙන්  The Future Computed පොත කියවන්න දැන් ඔබට අවස්ථාව තිබෙනවා.
The Future Computed free PDFDownload here

Source:https://www.windowscentral.com/new-microsoft-book-future-computed-examines-ais-role-society

Comments

comments

NO COMMENTS

Leave a Reply to Anonymous Cancel reply