Microsoft හඳුන්වා දෙන Windows Insider MVP Program එක

Microsoft හඳුන්වා දෙන Windows Insider MVP Program එක

1930
1
SHARE

Microsoft සමාගම ඔවුන්ගේ නවතම Windows Insider MVP (Most Valuable Professional) Program එක දැන් හඳුන්වා දීලා තියෙනවා. Microsoft සමාගමේ Dona Sarkar මේ Windows Insider MVP Program එක හඳුන්වා දීලා තියෙන්නේ Windows සහ Devices පාරිභෝගිකයන් ගැන අධානය යොමු කරන MVPලගේ නව නිවස විදිහටයි. Microsoft සමාගම දැනට ඔවුන් සමග සිටින MVPලව මේ අලුත් Insider MVP program එකට සම්බන්ධ කරගන්න වැඩ කටයුතු කරගෙන යනවා. කෙසේ වුවත්, ඔබටත් Windows Insider MVP කෙනෙක් වෙන්න ඕනේ නම් ඒ වෙනුවෙන් ඔබට 2017 මුල වගේ වෙනකම් බලන් ඉන්න වෙනවා. Microsoft සමාගම මේ Program එක ගැන මේ විදිහට සඳහන් කරනවා.

“අපේ Windows Insider MVP Program එක – Windows සහ Devices පාරිභෝගිකයන් ගැන අවධානය යොමු කරන MVPsලගේ නව නිවස ලෙස නිවේදනය කිරීමට හැකි වීම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. Windows සහ Devices පාරිභෝගිකයන් ගැන අවඩානය යොමු කරන MVPලා අපිට ඉතාමත් වැදගත් පිරිසක්. පසුගිය මාස කිහිපයේම අපි ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කරා. MVPලව Windows Insider Program එකට සම්බන්ධ කරගැනීම ඉතා කල්පනාකාරී තීරණයක් උනා. Windowsහි අනාගතය සෘජුවම ගොඩනැගෙන්නේ Windows නිතරම භාවිතා කරන ජනතාව මතයි. මෙම Windows Insider MVP Program එක හරහා අපි MVPලට විවිධ Windows සහ Devices product teams ගැන වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ඉඩ ලබා දෙනවා. එමඟින් අපිට MVPලා සමඟ ඉතා සමීපව වැඩ කරන්න ඉඩ ලැබෙනවා. මේ අපේ ගමනේ ආරම්භය පමණයි. ඒ වගේම අපි MVP ලා සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

මෙම Windows Insider MVP Program එක බැලු බැල්මට රසවත් මාතෘකාවක් නොවෙන්න පුලුවන්. ඒත් ඔබටත් Windows Insider MVP Program එක එක්ක එකතු වෙන්න Microsoft සමාගම අවස්තාව ඉඩ ලබා දුන්න සැනින් අපි ඒ විස්තර ඔබට දන්වන්නම්.

Source: mspoweruser.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY