Microsoft Magic Mirror එක ඔබේ හැඟීම් හඳුනයි

Microsoft Magic Mirror එක ඔබේ හැඟීම් හඳුනයි

2428
0
SHARE

කවුරු මොනවා කිව්වත් ඔබේ පෙනුම හොඳයි. ඔන්න ඔහොම කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි Microsoftලා හඳුන්වා දුන් අළුත්ම කණ්ණාඩිය. ඔබේ මුහුණේ ප්‍රකටව තියන හැඟීම්, ඒ විතරක් නෙමෙයි කාලගුණය, වෙලාව වගේ දේවලුත් මේකෙන් කියවෙනවා. මේ ඔක්කෝම කරලත් සාමාන්‍ය කණ්ණාඩියක් වගේම පේන්න තියනවා.

හිතන්න ඔබ උදෑසන අවදි වෙලා හැඩවැඩ වෙන්න යන කණ්ණාඩිය කාලගුණය ගැනත් තොරතුරු දෙනවානම්?

කණ්ණාඩිය පසුපස facial-recognition කැමරාවක් සඟවලා තියනවා. ඉතිං මේකෙන් මූලිකම මනුෂ්‍ය භාවයන් 8ක් හඳුනාගන්නවා. තරහව, සතුට හා විස්මය මේවාට ඇතුලත්. Microsoft සමාගම මෙයට Facebook සහ Twitter feeds display panel එකේ පෙන්නනවා වගේ විශේෂාංග එකතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ අරුම පුදුම කණ්ණාඩිය තාම ආදර්ශන අවධියේ තියෙන්නේ. ඒත් දැනටමත් ව්‍යාපාරිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තියනවා. උදාහරණයක් විදිහට, ඔන්න වෙළඳ ප්‍රචාරණ කටයුත්තකට අපේ මේ කණ්ණාඩිය ගන්නවා කියමු. ඔවුන්ට පුළුවන් මේ සැඟවුන කැමරාවෙන් ඔවුන්ගේ වෙළඳ දැන්වීම බලන්නේ කවුද කියලා බලාගන්න. ඒ විතරක් නෙමෙයි නරඹන්නන්ගේ ප්‍රතිචාරය බලාගන්නත් පුළුවන්.

මෙය InnovFest UnBound 2016 නම් වැඩසටහනකදී ප්‍රදර්ශණය වුන තාක්ෂණික නිෂ්පාදන අතුරින් එකක්.

source: CNBC

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY