Microsoft Mixer Create App එකක් නිකුත් වෙයි.

Microsoft Mixer Create App එකක් නිකුත් වෙයි.

2283
0
SHARE

Microsoft කට්ටිය මේ පාර launch කරලා තියෙනවා Mixer Create app එකක්.මේකෙන් ඉඩ ලබා දෙනවා playersලට තමන්ගේ දුරකථනය පාවිච්චි කරලා game broadcasting කර ගන්න. මේ app එක iOS හා Android වලට තමයි support කරන්නේ. මේකෙදි mobile games stream කරද්දී  පොඩි පොඩි සීමා කිරීම් කිහිපයක් එක්ක තමයි iOS OS එකට මේක නිකුත් වෙන්නේ.

ඔබ Android user කෙනෙක් නම් මේ app එකත් එක්ක ඔබට ලබා ගන්න පුළුවන් ඕනෑම game එකක්. ඒත් ඔබ ඇපල් පාරිභෝගිකයෙක් නම් ඔබටත් Apple Replay Kit වල සහය ලබා ගැනීමට සිදු වේවි. මේ tools පාවිච්චි කරන්න කියූ විටදී ඔබට හිතෙන්න පුළුවන් ඇපල් දුරකථනයකට මේ සියලු ක්‍රීඩාවන් ක්‍රියා කරන්නේ නැත්ද කියන කාරණාව. ඇත්තටම සියල්ලම නොහැකි වුනත්, Star Trek Timelines, Goat Simulator, Into the Dead and Modern Combat 5:Blackout වගේ බොහොම ප්‍රසිද්ධ ක්‍රීඩාවන් ඉතාමත් හොදින් ක්‍රීඩා කරන්න පුළුවන්.

ඒ වගේම තවත් වැදගත් පහසුකම් කිහිපයක්ම මේ තුල දැකගන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධානම කරුණ තමයි chat පහසුකම. Broadcast එකක් යන අතරතුර වුනත් Application Chat Interface එක භාවිතා කරන්න ඔබට පුළුවන්. ඔබ broadcasting වලට වෙනත් උපාංගයක් පාවිච්චි කරනවානම් ඔබට පුළුවන් ඔබේ Mobile Application එක සම්පුර්ණයෙන්ම chat පහසුකම සදහා වෙන්කර තබා ගන්න X Box One  වගේම. දැනට මේ application එක Google Play Store වගේම App Store එකෙනුත් ඔබට ලබාගන්න පුළුවන්.

Source: https://www.theverge.com/2017/8/31/16229570/microsoft-mixer-create-ios-android-app-mobile-streaming

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY