Microsoft සමාගම නිකුත් කළ අලුත්ම recovery tool එක

Microsoft සමාගම නිකුත් කළ අලුත්ම recovery tool එක

2174
0
SHARE

වැරදීමකින් ඔයාලගේ වැදගත් file එකක් delete වුණාද?

Hard drive එක clear කළාද ?

දූෂිත දත්ත සමඟ කළ යුත්තේ කුමක්ද කියලා සැක සහිතද ?

මේ වගේ දෙයක්  වුණාම මැකී ගිය පරණ දත්ත නැවත ලබා ගන්න ක්‍රමයක් තිබුණා නම්  කියලා හිතනවා ඇති.

මෙන්න ඒ සඳහා Microsoft සමාගම විසින් මෑතක දී windows 10 version 2004 සඳහා windows file recovery  නමින් අලුත් උපයෝගීතාවයක් නිකුත් කරනු ලැබුවා.

මේ recovery tool එක command-line application එකක් .එසේම මෙය ලබා ගන්න හැකියාව තිබෙන්නේ Microsoft store එකෙන් පමණයි.

windows file recovery එක ඔයාලගේ පුද්ගලික දත්ත නැවත ලබා ගැනීමට උපකාරී වෙනවා. ඡායාරූප, ලිපි ගොනු, වීඩියෝ වැනි බොහෝ ගොනු වර්ග සඳහා ඔයාලගේ දත්ත ස්ථිරවම නැති නොවන බව තහවුරු කිරීම සඳහා  windows file recovery එක සහය දක්වනවා.

මෙම tool එක  ආකාර 03කින් ක්‍රියාත්මක වෙනවා.

Default Mode -:

නැති වූ ලිපිගොනු සොයා ගැනීමට මෙම mode එක Master File Table(MFT) යොදා ගන්නවා. Default Mode එක MFT සහ file segments ( File Record Segments[FRS] ලෙස ද හඳුන්වයි) වල දී හොඳින් ක්‍රියා කරනවා.

Segments Mode -:

Segments Mode එක සඳහා MFT අවශ්‍ය නොවන අතර segments අවශ්‍ය වෙනවා. Segments කියලා කියන්නේ MFT තුළ NTFS මඟින් ගබඩා කරන name,date,size,type,cluster/allocation unit index වැනි  තොරතුරු ගොනුවල සාරංශයක්.

Signature Mode :-

මෙම mode එක සඳහා අවශ්‍ය වන්නේ දත්ත පවතින බව සහ විශේෂිත file type සඳහා සෙවීම පමණි. මෙය කුඩා ලිපිගොනු සඳහා ක්‍රියා කරන්නේ නැහැ. USB drive වැනි external storage device එකක file එකක් recover කරගැනීමට ඔයාලට යොදාගන්න පුළුවන් Signature Mode එක පමණයි.

උදාහරණයක් ලෙස කැමරාවකින් හෝ  sd card එකකින් recover කරගැනීමක් සලකමු. මේ සඳහා signature mode එක උත්සාහ කරන්න.එය NTFS recovery එකෙන් ඔබ්බට විහිදෙන අතර  ඔයාලගේ storage device වල අවශ්‍යතා සපයනවා.

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY