Microsoft, Accenture හා Avanade එක්ක අලුත් වැඩක්!

Microsoft, Accenture හා Avanade එක්ක අලුත් වැඩක්!

1773
0
SHARE

මේ කාලය වෙනකොට ලෝකයේ හුගක් සමාගම් කෘතීම බුද්ධිය ගැන තමන්ගේ අවධානය යොමු කරලා තිබෙන්නේ. හුගක් සමාගම් තමන්ගේ ආයතන වල කාර්යක්ෂමතාව වැඩි කරන්න මේ වගේ අලුත් ක්‍රම වලට යොමු වෙනවා.

මම දැන් කියන්න යන්නේ Microsoft තවත් ප්‍රධානතම සමාගම් දෙකක් එක්ක කරන්න යන අලුත්ම project එකක් ගැන. Microsoft මේ වෙනකොට Accenture හා Avanade එක්ක AI Services ගැන ව්‍යාපෘතියකට අත ගහල තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ සමාගම් දෙක ගැන.

Accenture ගැන කතා කරනවානම් Pierre Nanterme තමයි දැනට CEO තනතුර දරන්නේ. මේක Global management consulting and professional services firm එකක්. මේකෙන් supply කරනවා strategy, consulting, digital, technology හා operations services. රටවල් 120ක් පුරාවට නගර 200ක් පුරාවට, සේවකයන් 425,000කටත් වැඩියෙන් වැඩ කරන විශාල සමාගමක්.

Avanade ගැන කියනවනම් මේක Global professional services company එකක්.මොවුන් IT consulting and services සිදු කරනවා, focus කරන්නේ ප්‍රධානවම  Microsoft platform එකත් එක්ක  business analytics, business applications, cloud, digital marketing, technology හා managed services offerings වගේ services.

මේ දෙකත් එක්ක එකතු වෙලා Microsoft සිදු කරන මේ custom agentට භාවිතා වෙන නම වෙන්නේ “Dynamics 365 AI solutions“. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ Microsoft විසින් ඔබට අවශ්‍ය කරන Digital Transformation එක ලගා කරගැනීමේ වේගය වැඩි කරන්න උත්සහයක් ගන්න එකයි. Customer Service එකත් එක්ක AI එකතු කිරීම තුලින් සෑහෙන වර්ධනයක් කරන්න පුළුවන් කියන දේ Microsoft ගැඹුරින්ම විශ්වාස කරන දෙයක්. මේ Custom Agent නිර්මාණය වෙන්නේ Microsoft Knowledge Base හරහා. Knowledge Base එකක් ප්‍රධාන වශයෙන් පාවිච්චි කළා Google එකෙන්. ඒ තමන්ගේ Search Engine එකෙන් එන results වලින් ලැබෙන service එක වර්ධනය කරන්න. අපිට පෙනෙන විදිහට Microsoft තමන්ගේ Knowledge Base එක පාවිච්චි කරන්නේ AI තාක්ෂණයට.

Accentureලාගේ Applied Intelligence group එක තමයි custom AI solutions කරන්න යන්නේ Microsoft අයත් එක්ක. මේ ගැන පැහැදිලි article එකක් ලියවුනා Gavriella Schuster, Microsoft Corporate Vice President, Commercial Partner Channels & Programs අතින් Linkedin වෙබ් අඩවියට. මේ ලින්කුවෙන් ඒ වෙත පිවිසෙන්න පුළුවන් ඔබට. Accenture කට්ටියගේ Intelligent Customer Engagement (ICE) framework එකෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.

Microsoft අයගේ AI Platform එකේ අඩංගු වෙන tools මොනවද? Visual Studio Code Tools for AI, AI Toolkit for Azure IoT Edge හා එහිම Machine Learning Studio එක තමයි මේකේ මුලික අන්තර්ගතය වෙන්නේ. මේ සමාගම් තුනම එකතු වෙලා මේ කරන්න යන AI project වැඩේට Accenture කට්ටියගේ 19,500ක් සේවකයන් වගේම Microsoft අයගේ සේවකයන් 8000ක් සෘජූවම දායකත්වය ලබා දීල තියෙනවා. මේ ගැන තවත් විස්තර ඉදිරි article එකකින් ගෙන එන්නම්.

නැවත හමුවෙමු!!

Source : https://www.zdnet.com/article/microsoft-partners-with-accenture-and-avanade-to-build-vertical-ai-services/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY