Microsoft Photos Companion App එකත් ලඟදීම ඔබ අතට

Microsoft Photos Companion App එකත් ලඟදීම ඔබ අතට

2456
0
SHARE

Microsoft ආයතනය විසින් මේ වෙනකොට අලුතෙන් Photos Companion App එකක් release කරන්න අවශ්‍ය කටයූතු සුදානම් කරමින් පවතිනවා. මේ අලුත් app එක iOS සහ Android මෙවලම් දෙක සදහාම හදුන්වාදෙන බව තමයි ඔවුන් පවසන්නේ. මෙම app එක භාවිතා කරලා iOS සහ Android phones වල අපි save කරලා තියන photos සහ videos ඉක්මනටම PC එකකට transfer කරගන්න පුළුවන්. නමුත් මේ සදහා phone එක සහ PC එක එකම WiFi ජාලයකට සම්බන්ධ වී තිබීම අනිවාර්ය වෙනවා.

Microsoft ආයතනය මේ වනවිටත් මීට සමානවූ සේවාවක් OneDrive මගින්ද ලබා දෙනවා. OneDrive මගින් සිදු වෙන්නේ phone එකේ save කර තිබෙන photos සහ videos, Windows 10හි තිබෙන Photos App එකට upload කිරීමයි. සාමාන්‍යයෙන් තමන්ගේ photos OneDrive එකට backup කරන්නේ නැති පිරිසට මේ අලුත් app එක ගොඩක් වාසිදායක වෙනවා.

 

මෙම app දෙකෙහි වෙනස කෙටියෙන් කියනවනම් අලුත් Microsoft Photos Companion App එකෙන් සිදු කරන්නේ එකම WiFi ජාලයක් හරහා අපේ phones වල තියන photos සහ videos, PC එකකට transfer කිරීම, ඒවගේම Windows Photos App එකෙන් සිදු කරන්නේ cloud service හරහා අපේ phones වල තියන photos සහ videos Windows 10 හි ඇති Photos App එකට transfer කිරීමයි.

මේ අලුත් Photos App එකත් Windows Edge වගේම preview app එකක් විදිහට නිකුත් කරන්න තමයි Microsoft ආයතනය තීරණය කර තිබෙන්නේ. අලුත් Microsoft Photos Companion App එකට අමතරව Windows 10හි තිබෙන Photos App එකත් improve කරන්න තමයි Microsoft ආයතනයේ සුදානම. ඒ මගින් අලුත් effects, themes සහ music සමග photos සහ videos වලට editing features ලබාදීමත් ඒවගේම photo stories වලට භාවිතා කිරීම සදහා stickers ලබාදීමත් තමයි Microsoftහි බලාපොරොත්තුව. මේ අලුත් features තවම පරීක්ෂණ මට්ටමේ පවතින බවත් ලගදීම Windows පාරිභෝගිකයන්ට ලබා දෙන බවත් තමයි පැවසෙන්නේ. එහෙමනං ළගදීම මේ Photos App දෙකේ අලුත් features භාවිතා කරන්න අපි සුදානමින් සිටිනවා.

Source: https://www.theverge.com/2017/11/29/16714304/microsoft-photos-companion-app-ios-android-windows-10

Comments

comments

NO COMMENTS

Leave a Reply to Anonymous Cancel reply