Team Work එකක් නිවැරදිව plan කරගැනීමට නම් මෙන්න Microsoft Planner

Team Work එකක් නිවැරදිව plan කරගැනීමට නම් මෙන්න Microsoft Planner

2819
1
SHARE

ඔබගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු වලදී ඔබට එදිනෙදා විවිධ අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වෙනවා ඇති. ඔබට නිසි ආකාරයෙන් ඔබගේ team එක කලමණාකරනය කරගැනීමට නොහැකි නම් එය විශාල ගැටලුවක්. එවිට මෙහෙයුම් කටයුතු වල දුර්වලතා නිසා පාඩු සිදු වෙනවා මෙන්ම ඔබගේ ඵලදායීතාවය අඩු වීමටද පුලුවන්.

මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් Microsoft ආයතනය කළ නවතම හදුන්වාදීම තමයි Microsoft Planer. ඔවුන් 2016 ජුනි මාසයේ 06 වැනිදා තමයි මේක release කලේ. මෙය අපිට සරලවම හදුන්වාදෙන්න පුලුවන් team collaborator software එකක් කියල. Microsoft Office 365 platform එකේ තමයි Microsoft Planner තියෙන්නේ.

මූලිකවම Office 365 Planner මඟින්, Office 365 Enterprise E1-E4 දක්වාත් Office 365 Education E3-E4 දක්වාත් Office Business Essentials හා Office Business Premium යන plans සඳහා Microsoft Planner යොදා ගන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් මෙහිදී ඔබගේ team එකේ සියලු දෙනාට එකම platform එකේ වැඩ කිරීමේ හැකියාව පවතිනවා. එමගින් ඔබට plans නිර්මාණය කිරීමට, tasks සඳහා ඔබගේ membersලව allocate කිරීමට, files හුවමාරු කිරීමට, අනෙකා සමඟ සන්නිවේදනය කිරීමට, status යාවත්කාලීන කිරීමට මෙන්ම එකිනෙකාගේ progress එක බලා ගැනීමටත් හැකියාව පවතිනවා.

අපි දැන් බලමු Microsoft Planner තුලින් teamwork එකක් සැලසුම් කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි plan එක create කරන්න උපයෝගී කරගන්නේ ‘Board’ කියලා රාමුවක්. සෑම Board එකකම විවිධ Cards වලට අඩංගු වෙනවා.

එම cards වල අන්තර්ගතය වන්නේ එයාලගේ task එක, due date එක සහ අවශ්‍යය අනෙකුත් ලිපිගොනු. එම cards වලට word, excel, powerpoint files පවා attach කිරීමට ඔබට පුලුවනි. එම cards සමූහයක් එකතු වීමෙන් සෑදුනු ‘Bucket’ කියලා හඳුන්වන දෙයක් තමයි අපිට interface එකෙන් බලාගන්න පුලුවන් වෙන්නේ. ඔබ අනෙක් අයට tasks ලබාදුන් විට ඒවා buckets වල සඳහන් වෙලා පවතිනවා. එම Task වල progress එක ඔබට charts මඟින් graphically බලාගන්නට පුලුවන්කම තිබෙනවා. එම charts වලට colour code එකක්ද අඩංගු වෙලා තිබෙන බව ඔබට බලාගන්නට පුලුවන්.

ඔබ නිර්මාණය කරපු සියලුම plans, One Note සමඟ සම්බන්ධ වෙනවා වගේම සෑම plan එකකටම One Note Note Book එකක්ද පවතිනවා. පසුව එම document එක Sharepoint Online Document Library එකේ store වෙනවා. අපි මේ සාදන සියලුම plans වලින් automatically අලුතින් Office 365 group එකක් නිර්මාණය වෙනවා. මේක තමයි මූලිකවම Microsoft Planner එකෙන් සිදුවෙන්නේ.

මෙයින් Team එකේ සියලු දෙනාටම අනෙක් අයගේ progress එක විනිවිදභාවයකින් යුතුව බලාගැනීමට පුලුවනි. Task එකක flexibility එක වැඩි කර ගැනීමටද පුලුවනි.

ඔබ දැනටමත් Microsoft Planner භාවිතා කරලා තිබෙනවා නම් එමඟින් කොතරම් දුරට ඔබගේ රාජකාරී මෙහෙයුම් කටයුතු පහසු වී තිබෙනවාද කියන බව අත්විඳීමට හැකියාව ලැබිලා තිබෙනවා මෙන්ම ඉදිරියටත් මෙය ඔබට ප්‍රයෝජනවත් වේවි.

Comments

comments